ලංකාවේ ජීවත්වන දහස් ගණන් වකුගඩු රෝගීන් ගේ ජීවිත බේරාගැනීමට හැකිවී අැත්තේ මානව ගුණයෙන් පිරුණ මිනිසුන් ගැහැනුන් තමන්ගේ වකුගඩුව පරිත්‍යාග කිරීමෙනි. අවයව දන්දීම ලෝකයේ තිබෙන්නාවූ උසස් මානව ගුණයක් වන අතර ලෝකය ලස්සන කිරීමට අවයව දන්දෙන්නන් හට හැකියාවක් තිබේ.
එබැවින් මේ පණිවිඩය අන් අය හා බෙදා ගැනිම සදහා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වානගේ යෑමට තිරණය කර ඇත්තේ වකුගඩුවක් පරිත්‍යාග කළ අයෙකු මෙන්ම එම වකුගඩුව ලබාගත් අයෙකු විසින් අතිශය විශේෂය.
ඇතැම් විට එසේ පවත්වාගෙන යන වකුගඩු ප්‍රශ්ණය ගැන ලොක්යේ ඇති එකම වෙබ් අඩවියද මෙය විය හැක
එම නිසා එතැනින් නොනැවතී අපගේ ඉදිරි මෙහෙවරක් ලෙස වකුගඩු රෝගීන්ට අත්වැලක් වීමටත් අවයව පරිත්‍යාගීන් දිරිමත් කිරීමත් අරමුණු කරගනිමින් අප මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑමට තීරණය කලෙමු.
මෙම වෙබ් අඩවිය සාර්ථක කර ගැනිම ඔබ සැමගේ සහය අපෙක්ෂා කරමු
මිතිලායා ගමගේ – කුමාරි ප්‍රනාන්දු