News

දඹූල්ලට නව රෝහලක්.

  රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භූමියක් දඹුලු නව රෝහල ඉදිකිරීම සදහා ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. එතුමන් එසේ එකග …

Read More »

දිවි පැවැත්මේ වැරැදි හේතුවෙන් ජනතාව බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙලා – සෞඛ්‍ය ඇමති

ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව වර්ධනය වුව ද, දිවි පැවැත්මේ ඇතැම් වැරදි හේතුවෙන් බෝනොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ 04 වන සැසිවාරය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ …

Read More »

නෞකාවක් තුල රොබෝ හස්තයකින් සිදුකල පළමු ශල්‍යකර්මයට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ සහය

ලෝක ඉතිහාසයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් එක් පිටුවක් පෙරලමින් නෞකාවක් තුල ඇති රෝහලක රෝබෝවරයෙකුගේ උදව්වෙන් සිදුකල ලොව ප්‍රථම ශල්‍යකර්මය පසුගියදා USNS Mercy නෞකාවෙදී සිදුවිය. මෙම සුවිශේෂී ශල්‍යකර්මය සදහා වෛද්‍ය කණ්ඩායම ලෙස සහභාගී වූයේ ඇමරිකානු හා ශ්‍රී ලංකික වෛද්‍යකණ්ඩායමක් වන අතර Da Vinci XI නම් රොබෝවරයාගේ උදව් ඇතිව සිදුවූ මෙම ශල්‍යකර්මයට බදුන්වූයේද ශ්‍රී ලාංකිකයෙකි. …

Read More »

ලෝක මැලේරියා දිනය අදයි.

ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමාජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ. මැලේරියාව යනු මනුෂ්‍ය සංහතිය ඉතා ප්‍රබල ලෙස පීඩාවට පත් කරන රෝගයකි. මෙම රෝගය එක්  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන්නේ මැලේරියා …

Read More »

2020දී සැමට ඊ හෙල්ත් කාඩ්පත්

මිලියන 21 පමණ වන ශ්‍රී ලාංකිකයන්ට වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත ලබාචීමට කටයුතු කරන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් …

Read More »

සුරක්ෂා සිසු රක්ෂණය වකුගඩු රෝගී දරුවන්ටත්

මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ ප්‍රතිලාභ ලබන සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරනු ලබන අතර …

Read More »

මොළය මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කැබිනට් තීරණයක්..

මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව, දැඩි සත්කාර ඒකකයන්හි හුස්ම දෙන යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තැනැත්තන්ගේ අවයව මෙලෙස බද්ධ කළ හැකිය. විශේෂයෙන්ම, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, පෙණහැල්ල, අග්න්‍යාශය, ආහාර මාර්ගයේ කොටස් මෙන්ම ඇසේ කොටස්, සම, ශිරා, හෘදය වස්තුවේ කපාට, කණ්ඩරා හා අස්ථිද මෙලෙස බද්ධ කිරීමේ හැකියාව පවතියි. මෙම අවයව බද්ධ …

Read More »

දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පිළිබද ප්‍රථම සමුලුවේදී සුව ඇමැති ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අරඹයි.

බෝනොවන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන හා දිනෙන් දිනම බෝනොවන රෝග වලට ගොදුරු වන පිරිස් වැඩි වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා වැඩි අවදානයක් යොමු වූ සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස බෝ නොවන රෝග හදුන්වාදීමට හැකිය. බෝනොවන රෝග නිසා සිදුවන මරණ වලින් හතරෙන් තුනකට වඩා වර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් …

Read More »

අවයව දන්දුන් අයට ජීවිත රක්ෂණ ලබාගැනීම අහිමි කරන රක්ෂණ සමාගම් වලට එරෙහිව නීතියක්.

පසුගිය මාර්තු මස 20 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා වන බච් ඔටර් මහතා විසින් ඇමරිකානු ඉතිහාසයේ සංධිස්ථානයක් වන නීතියක් සදහා ඔහුගේ අත්සන යොදනු ලැබුවා. එම නීතියට අනුව දැනට ජීවත්ව සිටින අවයව දන්දී ඇති පුද්ගලයන් තමන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේදී මුහුණපාන අසීරුතාවයන්ට පිලිතුරක් ලැබෙනු ඇති. සෑම අවයව දායකයෙකුම පාහේ තමන් …

Read More »

ලෝක වකුගඩු දිනය හෙටයි

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනයට ලෝක වකුගඩු දිනය යෙදෙන අතර ඒ අනුව මේ වසරේ එය යෙදී ඇත්තේ මාර්තු මස 08 වනදාටය. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් …

Read More »