Recent Posts

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ

වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.

Read More »

රුධිරයේ ආසාදන: වසරකට එක් කෝටි දස ලක්ෂයක් බිළිගන්නා “සැඟවුණු මරුවා”

ලෝකයේ සෑම පුද්ගල මරණ පහක් අතරින් එකක් සිදුවන්නේ රුධිරයේ ඇතිවන ආසාදිත තත්වයක් (Sepsis) හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විශ්ලේෂණයකින් පෙනී යයි. මෙම තත්වය රුධිරය විෂවීමක් ලෙස ද හැඳින්වේ. රුධිරය විෂවීම හේතුවෙන් දළ වශයෙන් වසරකට පුද්ගලයන් එක් කෝටි දස ලක්ෂයක් මියයන බව අදාළ වාර්තාවේ දැක්වෙන අතර, එය පිළිකා රෝගය …

Read More »

Endoscopy වෙනුවට ගිලින්න පුළුවන් capsule එකක්

Endoscopy කියන්නේ අපගේ ආහාර මාර්ග පද්ධතියේ ඇති යම් රෝගී තත්වයක් හෝ ආසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කිරීම සදහා සිදුකරන පරීක්ෂණයක්. මෙහිදී පාලනය කල හැකි බටයක් වැනි ව්‍යුහයක කෙලවර රදවා ඇති කැමරාවක් පරීක්ෂණයට ලක්වන්නාගේ මුඛය හරහා ඇතුල් කරනු ලබනවා. ඇතැම් විට ඇතිවිය හැකි වේදනාවන් පාලනය කිරීම සදහා වේදනානාශක ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබනවා. මේ …

Read More »

AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ

මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.

Read More »

අවයව දන්දීම – ප්‍රශ්ණයක්ද??

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …

Read More »

මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා

මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්‍රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා. දුරකථන අංක දුටු සැණින්ම මේ …

Read More »

වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය

වකුගඩු දන්දීම,හා වකුගඩු බද්ධ කිරීම වැනි සංධිස්ථානයෙන්ගේ ඉතිහාසය සැකෙවින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙම ලිපිය මගින් අපි බලාපොරොත්තු වෙමු. 1954 ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීම සාර්ථකව සිදුකරන ලදී. මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ වෛද්‍ය ජෝෂප් මරේ හා වෛද්‍ය ඩේවිඩ් හම්පේ ඇතුළු කණ්ඩායම විසිනි.D 1962 එම වෛද්‍ය කණ්ඩායම විසින්ම මියගිය …

Read More »

අවයව බද්ධ කිරීමේ ඉතිහාසය 1668 සිට 2011 දක්වා

අවයව බද්ධ කිරීමේ ඉතිහාසය ගැන වෙනම ලිපියක් ලියන අතරේ මට හිතුනා අවයව බද්ධ කිරීමේ විකාශය සිදු වෙලා තියෙන්නේ කොහොමද කියල හොයල බලන්න. අන්තර්ජාලයෙන් මට ලැබුණ තොරතුරු වලට අනුව මේ විදියට තමයි අවයව හා පටක බද්ධකිරීමේ ඉතිහාසය. 1668 වාර්ථා පොත් වල සටහන්ව ඇති පළමු සාර්ථාක බද්ධ කිරීම. මෙහිදී සිදුව ඇත්තේ අස්ථි …

Read More »

Peritoneal dialysis කියන්නේ මොකක්ද?

Peritoneal dialysis කියන්නේ මොකක්ද? Peritoneal dialysis කියන්නෙත් සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් හදුනන ඩයලයිසිස් ක්‍රමය වගේම අපේ ශරීරයේ ගොඩනැගෙන අහිතකර දේ හා අතිරික්ත තරල ශරීරයෙන් ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සදහා යොදා ගන්නා තවත් ක්‍රමයක්.නමුත් මේ ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන ආකාරය අපි හදුනන Heamodialysis ක්‍රමයට වඩා වෙනස්. Peritoneal dialysis ක්‍රමයේදී අපේ …

Read More »

අවයව බද්ධ කිරීමෙන් පසු නියුමෝනියාව වැලදීම මාරාන්තිකයි??

අවයව බද්ධ කිරීමකින් පසුව නියුමෝනියාව ඇතිවීමේ හැකියාව වෙනත් පුද්ගලයන්ටවඩා වැඩි බව අප හොදින්ම දන්නා කරුණක්. ඒ අතරිනුත් අවයව බද්ධ කිරීම සිදුකල මුල් අවදියේ එසේ ආසාදන වැලදීමේ හැකියාව තවත් වැඩියි. බොහෝ සිදුවීම් වලදී අවයව බද්ධ කල පුද්ගලයන්ට(මුල් අවදියේදී) රෝහල් තුලදී වැලදෙන ආසාදන ඇතිවීමේ හැකියාව වැඩියි. (සාමාන්‍යයෙන් අපි එවැනි ආසාදන Hospital acquired …

Read More »

වකුගඩු ආබාධ ඇති විට රුධිරයේ සීනි මට්ටම අඩුවීමේ (Hypoglycemia) ප්‍රවණතාවය වැඩි ඇයි?

  වකුගඩු ⁣රෝග ඇතිවීමට ප්‍රධානතම හේතු වලින් මූලික හේතුවක් වශයෙන් සැලකෙන්නේ දියවැඩියාවයි.දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ සිරුර තුල අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් හෝමෝනය නිපදවීමක් සිදු නොවන අතර ඇතැම් රෝගීන්ගේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් නොවේ. මේ ආකාරයේ ඉන්සියුලින් හෝමෝනය සම්බන්ද ගැටළු ඇති රෝගීන්ට (දියවැඩියා රෝගීන්ට) රුධිරයේ සීනි මට්ටම වැඩිවන අවස්ථා හෝ අඩුවන අවස්ථා …

Read More »

නිවුමෝනියාව ගැන දැනගනිමු

“නිවුමෝනියාව”(pneumonia)  කියන්නේ මොකක්ද? බැක්ටීරියා,වෛරස් හෝ දීලීර ආසාදනයන් මගින් පෙනහළු එකක් හෝ දෙකම ආසාදනයට ලක්වීම නිවුමෝනියා තත්වයේදී සිදුවේ. මේ අතරින් සුලභ වන්නේ බැක්ටීරියා ආසාදන හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්වයන්ය.මෙවැනි ආසාදන වලදී අපගේ පෙනහළු තුල ඇති අල්වියෝලයි (alveoli) ලෙස හදුන්වන වායු මළු වැනි ව්‍යුහයන් ඉදිමීමකට (ප්‍රදාහයකට) ලක්වන අතර ඒවා යම් තරලයකින් හෝ …

Read More »

Recent Posts

කුරුණෑගලදරඅවෙකුගේ බඩින් සොයාගත් ලොව දිගම ‘ වඳුරඅ පටිපනුවා’

ලොව මෙතෙක් හමුවූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවකුගේ බඩෙන් සොයාගනී ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (27) පැවසීය. මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් …

Read More »

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..🤔🤔 190/110 mmHg ආ..ඔය තියෙන්නේ.. ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ? තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..හැමදාම …

Read More »

මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ⁣ගැන දැනගනිමු

චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ වෛරස් එක පතුරුවන්නේ Aedes  aegypti සහ  Aedes  albopictus කියන මඳුරුවන්ගේ ගැහැණු මඳුරුවන්. විශේෂයෙන් දිවා කාලයේදී තමයි මේ මදුරුවන් මිනිසුන්ට මේ රෝගය බෝ කිරීම සිදුකරන්නේ.මොවුන් පිරිසිදු ජලය රැඳී ඇති ස්ථාන වල බිත්තර දමන අතර මඳුරුවන් දෙවර්ගයම …

Read More »

අයිස් උවදුර: මෙතඇම්ෆිටමින් (Meth) ගැන ඔබ දැනගත යුතුම දේ!

අද අපි කතා කරන්න යන්නේ සමාජයේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතරේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක මත්ද්‍රව්‍යයක් ගැන. ඒ තමයි “මෙතඇම්ෆිටමින්” (Methamphetamine), නැත්නම් ඔයාලා කවුරුත් වගේ අහලා ඇති “අයිස්” (Ice) කියන නමින් හඳුන්වන මත්ද්‍රව්‍යය. මේකේ තියෙන භයානකකම, ඇඟට, විශේෂයෙන්ම අපේ මොළේට වෙන හානිය, සහ මේ උවදුරෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි …

Read More »

අධිරුධිර පීඩනය අපේ  වකුගඩු වලට වින කරන්නේ කොහොමද?

අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්⁣න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …

Read More »

දියවැඩියාව අපේ වකුගඩු වලට වින කරන හැටි…

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන.. DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) – දියවැඩියාව සමග එන වකුගඩු රෝගය දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු …

Read More »

ඩෙංගු හා චිකන්ගුන්‍යා වල වැඩිවීමක්

ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, දැනට පවතින කඩින් කඩ වර්ෂාපතනය රට පුරා මදුරු ඝනත්වය ඉහළ යාමට හේතු වී ඇති බවයි. පවතින තත්වය මත කොළඹ,රත්නපුර,ගම්පහ,මහනුවර හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන් ඩෙංගු හා …

Read More »

වකුගඩු රෝගී ඔබට ව්‍යයාම කරන්න බැරිද??

එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම වකුගඩු රෝගියෙක් හෝ දියවැඩියාව,අධි රුධිර පීඩනය වගේ තත්ව තියෙනවනම් ව්‍යයාම කරල ක්‍රියාශීලීව ඉන්න පුළුවන්නම් අපිට දීර්ඝ කාලයක් බොහොම නිරෝගීව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යයාම නොකරපු කෙනෙක්ටනම් ව්‍යයාම කරන්න පටන් ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් …

Read More »

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ පසුව එහි සිදුකල දෙවන සාර්ථක වකුගඩු බද්ධ කිරීමක් සම්බන්දයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම බද්ධ කිරීම සිදුකල රෝගීයාත් මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයක සිටින බවයි වාර්තා වෙන්නේ. කෙසේ හෝ මෙම සාර්ථක හා …

Read More »

වකුගඩු ලෙඩ කරන පාන වර්ග

මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු …

Read More »

මේ දවස්වල අධික හිරු රෂ්මියෙන් අපේ වකුගඩු බේරාගන්නේ කොහොමද

.. මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන කෙනෙක්ට මේ තත්වයෙන් පීඩා විදින්නනම් වෙනවමයි. ඒ නිසාම අපි මෙවැනි අධික හිරු රෂ්මිය සහිත දේශගුණික තත්වයන් වලදී පරිස්සම් විය යුත්තේ කොහොමද කියල දැනගෙන ඉන්න ඕන. ඒ ගැන තමා …

Read More »

පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….

අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …

Read More »

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත දේශගුණික තත්වයක් ඇති රටවල ජීවත් වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණයට වඩා 8%කින් පමණ වැඩි බව  UCL සහ London School of Hygiene & Tropical Medicine(LSHTM) හි පරියේෂකයන් විසින් කරන ලද පර්යේෂණයකින්  හෙලිවී තිබේ. එම …

Read More »

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි. එලෙස ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇත්තේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ. …

Read More »

ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල ලොව ප්‍රථම පුද්ගලයා රෝහලෙන්  පිටව යයි.

සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් …

Read More »