වෘක්කවේදය පිලිබද වන අන්තර්ජාතික සංගමය ( International Society of Nephrology ) පළමු වරට සංවිධානය කරනු ලබන ලෝක වෘක්කවේදී කොන්ග්රසය ලබන අප්‍රෙල් මස 21 සාට 25 දක්වා මෙක්සිකෝවේදී පැවැත්වීමට නියමිතය.
මේ කොන්ග්රසයේදී විශේෂයෙන්ම දියවැඩියාව හා වකුගඩු රෝගය පිලිබදව වැඩි අවධානය යොමු කෙරෙනු ඇති. විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවල හා මෙක්සිකෝවේ මෙම තතවයන් වඩාත් සැලකියයුතු මට්ටමකට පත්වෙමින් සිටින නිසා මේ සදහා මෙක්සිකෝව තෝරාගත් බවයි මෙම සංගමය පවසන්නේ.
මේ කොන්ග්රසය වකුගඩු රෝගය හා දියවැඩියාව පිලිබදව වන නව දැනුම ලබාගැනීමටත්,තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමටත් ලොවපුරා සිටින මේ පිලිබදව දැනුමක් හා උනන්දුවක් ඇති පිරිස් වලට මනා පිටුවහලක් වනු ඇති.