ඩයලයිසිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද?
චයලයිසිස් ප්‍රතිකාරයෙන් සිදුවන්නේ අපගේ ශරීරයේ ඇති සාමාන්‍ය නිරෝගී වකුගඩු වලින් සිදුවන කාර්යයට සමාන කාර්යයක්. වකුගඩු රෝගී වූ විට වකුගඩු වලින් සාමාන්‍යයෙන් සිදුවන කාර්යය සිදුවෙන්නේ නැති නිසා එම ක්‍රියාවලිය යන්ත්‍රයක් මගින් සිදුකිරීම තමයි ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ.
ඔබට ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද?
වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 85% -. 90% පමණ ප්‍රමාණයකින් නැතිවී ගිය විට ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු වීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් GFR අගය 15 අඩු වූ විටත් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු වීමට කාලය පැමිණ ඇති බව අපට දැනගන්නට පුළුවන්.
කෙසේ හෝ ඔබගේ වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල මේ අවස්ථාවට පැමිණීමට ආසන්න වීමේදී ශරීරයේ ඇති වන විවිධ වෙනස්කම් හා අපහසුතාවයන් නිසා ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා මීට වඩා කලින් යොමු වීමට සිදුවෙන්නත් පුළුවන්.
ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ මොකක්ද?
ශරීරය තුල ගොඩනැගෙන හා අප ගන්නා ආහාර මගින් ශරීරයේ රැස් වන අපද්‍රව්‍ය,ලවණ වර්ග,අතිරික්ත ජලය හා විවිධ රසායනික ද්‍රව්‍යයන් ශරීරයෙන් බැහැර කිරීම තමයි වකුගඩු වල කාර්ය වන්නේ.නමුත් වකුගඩු වලට නියමිත ආකාරයෙන් ඒ කාර්ය සිදුකිරීමට නොහැකි වූ විට ඒ ක්‍රියාවලිය යන්ත්‍රයක් භාවිතයෙන් සිදු කිරීම මෙහිදී සිදුවෙනවා.
ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන්නේ කොහේදිද?
සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ රෝහලක ඇති ඩයලයිසිස් ඒකකයේදීයි. ඊට අමතරව විශේෂිත අවස්ථාවන් වලදී නිවසේදී සිදුකර ගත හැකි ඩයලයිසිස් ප්‍රතිකාර ක්‍රමත් නැතුවාම නොවේ.
ජාතික රෝහල,ශ්‍රී ජයවර්ධනපුර රෝහල,මහනුවර ශික්ෂණ රෝහල,කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුරය රෝහල වැනි රජයේ රෝහල් වල ප්‍රධාන වශයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන අතර පුද්ගලික රෝහල් බොහෝමයකත් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබා දීම සිදුවෙනවා.
ඩයලයිසිස් සිදුකරන විට වකුගඩු රෝගී තත්වය සුවවීමක් වෙනවාද?
නැහැ. මෙම ප්‍රතිකාරය මගින් සිදුවන්නේ වකුගඩු මගින් සිදුකරන කාර්යයන් යන්ත්‍රයක් මගින් සිදුකිරීම පමණයි. එමගින් වකුගඩු රෝගී තත්වය සුවවීමක් සිදුවන්නේ නැහැ. වකුගඩු බද්ධ කිරීමක් සිදුකරන්නේ නැත්නම් ජීවිතාන්තය දක්වා ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීම කල යුතුයි.
මූලාශ්‍රය – https://www.kidney.org/atoz/content/dialysisinfo