දියවැඩියාවට පාලනයකින් තොරව බෙහෙත් ගැනීම නිසා වකුගඩු හානි වෙලා..

Dkh3cn0

මගේ නම ප්‍රියශාන්ත. වකුගඩු රෝගී තත්වය වැලදී ඇත්තේ මාගේ මවට. ඇයට දැන් වයස 70ක්. මේ වන විට ඇය ඩයලයිසිස් ප්‍රතිකාරය ලබනවා. ඇයගේ වයස වැඩි නිසා හා ශාරීරිකව ඇය දුර්වල නිසා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකල නොහැකි බව වෛද්‍යවරු තීරණය කලා. නමුත් ඇයගේ කතාව ඔබට kidneyinfolk.com හරහා ඔබට කියන්න මම හිතුවේ කාට හෝ එමගින් තමන් කරන වැරැද්දක් හදාගන්න පුළුවන් වෙයි කියලයි.

මගේ අම්මාට වයස 35 – 40 කාලයේ සිටම දියවැඩියාව තිබුණා. ඒ සදහා ඇය බෙහෙත් ගත්තා. නමුත් කාලයත් සමග ඇය වෛද්‍යවරයෙක් හමුවී ඒ අවස්ථාවේ තත්වයට අනුව බෙහෙත් වෙනස් කර නොගෙන දිගින් දිගටම එකම වර්ගය භාවිතා කර තිබුණා. ඒ වගේම ඇයට සිතෙන ආකාරයට හිතුමතේ බෙහෙත් පාවිච්චි කර තිබුණා. නිවැරදි වේලාවල් හා ප්‍රමාණයන්ගෙන් බෙහෙත් පාවිච්චි කරල තිබුනෙ නැහැ. මාගේ රැකියාවේ ඇති කාර්‍යබහුල තත්වය නිසා මට මවගේ ඔෘෂධ පිලිබදව නිසි ලෙස සොයා බලන්නට හැකි වුනේ නැහැ.

අවසානයේ ඇගේ දියවැඩියා තත්වය නිසා මෙන්ම පාලනයක් නැති ඔෘෂධ භාවිතය නිසා ඇගේ වකුගඩු දෙකම ඉතාමත් දුර්වල තත්වයට පත්කර තිබුණා. ඒ නිසා මේ වන විට ඇය ඩයලයිසිස් ප්‍රතිකාරය ලබා ගන්නවා. ඇගේ වයස නිසා මෙන්ම මේ තත්වය ඇය නොසිතූ තත්වයක් නිසා මේ වන විටඇය ශාරීරිකව මෙන්ම මානසිකවත් චුර්වලවී අවසන්.

කෙසේ හෝ මට කීමට ඇත්තේ දියවැඩියාව කියන්නේ වකුගඩු රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වන නිසා ඉතාමත් හොද පාලනයකින් යුතුව එම රෝගය පාලනය කල යුතු සේම ඖෂධ භාවිතයත් පාලනයකින් කල යුතුයි කියලයි.

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …