රක්ෂණාවරන පරීක්ෂයේදීයි මට රෝගී තත්වය දැනගන්නට ලැබුණේ..

මම නමින් සාලිය කුමාර. වයස අවුරුදු 42ක්. මම දැනට වකුගඩු රෝගය සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. මේ වන විට මාගේ ක්‍රියටිනින් අගය 7ක් පමණ වන නිසා සෑම මාසයකම අදාල සායන වලට සහභාගී වෙමන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. මට මේ රෝගී තත්වය දැනගැනීමට අවස්ථාව ලැබුනු ආකාරය හා ඉන්පසු වූ ක්‍රියාවලීන් තවත් කෙනෙකුට හෝ පිටිවහලක් වනු ඇතැයි සිතා මාගේ කතාව kidneyinfolk.com හි පල කිරීමට මම හිතුවා.

මම වැඩකලේ පුද්ගලික කර්මාන්ත ශාලාවක.එම ආයතනය මගින් අපට ලබා දී ඇති රක්ෂණයට වරින් වර සිදුකරන වෛද්‍ය පරීක්ෂණ ඇතුලත් වෙනවා. නමුත් මා මෙන්ම බොහෝ දෙනෙක් එම පරීක්ෂණ වෙත යොමු වෙන්නේ නැහැ. නමුත් නිසියම් හෝ වාසනාවකට දැනට වසර 3කට පමණ පෙර පැවැත්වූ එවැනි වෛද්‍ය සායනයකට සහභාගී වීමට මා තීරණය කරා. එම පරීක්ෂණ වලට යොමු වන විටයි මට දැනගන්නට ලැබුණේ වකුගඩු සම්බන්ද රෝගී තත්වයක් මට තියෙනවා කියලා. ඒ වන විට මාගේ ක්‍රියටිනින් අගය සාමාන්‍ය අගය වන 1.3 පසු කර තිබුණා.

ඉන්පසු එම සායනයේ වෛද්‍යවරුන් නිර්දේශ කල ආකාරයට මම වකුගඩු සම්බන්ද වෛදයවරයෙකු හමුවීමට ගියා. ඔහු විසින් නැවතත් එම පරීක්ෂණ කර කරගෙන පැමිණෙන ලෙස මට දන්වා සිටි අතර එම පරීක්ෂ වලිනුත් මාගේ කලින් පරීක්ෂණ වාර්තා තහවුරු වුණා. පසුව වෛද්‍යවරයා විසින් මාගේ රුධිර පීඩන තත්වය හා දියවැඩියා තත්වයක් ඇත්දැයි පරික්ෂා කර බලනු පිණිස අවශය කරන පරීක්ෂණ හා රුධිර පීඩනය පරික්ෂා කිරීම සිදුකරා. එයින් නිගමනයට ඒමට හැකි වූයේ මා නොදැනුවත්වම මා හට අධික රුධිර පීඩන තත්වයක් ඇති වී ඇති බව හා එමගින් මාගේ වකුගඩු වලට යම් ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවයි.

ඒ අනුව වෛද්‍යවරයා විසින් මා හට ඖෂධ ලබා දී ජයවර්ධනපුර රෝහලේ මාසික සායනයට පැමිණෙන ලෙස දන්වා සිටියා. එහිදී මා බයොප්සි පරීක්ෂණයක් සදහාත් යොමු කරනු ලැබුවා.පසුව රෝහලේ පෝෂණවේදිනිය හමුවී මාගේ රෝගී තත්වයට හා මේ වන විට මාගේ රෝගයේ තත්වයට ගැලපෙන ආකාරයේ ආහාර සැලැස්මක් පිලිබදව සාකච්ඡා කලා. එහිදී සාමාන්‍යයෙන් පොටෑසියම් අඩු ආහාර ලබා ගැනීමටත්,අධික රුධිර පීඩනය පවතින නිසා ලුණු අඩුවෙන් ලබා ගැනීමටත් පෝෂණවේදීනිය කියා සිටියා.

මේ වන විට මම මාසිකව වෛද්‍යවරුන් හමුවී සෑම මාසයකට පරීක්ෂණ සිදුකරමින් රෝගය පාලනය කරගනිමින් සිටිනවා. නමුත් මේ වන විට මාගේ ක්‍රියටිනින් අගය 7ක් පමණ වන නිසා අවශ්‍ය වුවහොත් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමුවීමට සූදානම් වීමක් වශයෙන් ෆිස්ටියුලාවක් නිර්මාණය කර ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව එලබෙන සතියේදී එම ශල්‍යකර්මයට යොමුවීමට මම සූදාමින් සිටිනවා.

මාගේ මම අත්දැකීම හරහා මට කීමට ඇත්තේ ඔබ ශරීරය තුල ඇති රෝගී ත්වයන් බොහෝමයක් රෝග ලක්ෂණ පෙන්වන්නේ බොහෝ වර්ධණය වූ පසුයි.විශේෂයෙන් වකුගඩු දුර්වලවීමත් එවැනි රෝගයක් එම නිසා ඔබ නිරෝගීනම් අවම වශයෙන් වසරකට වරක්වත් සම්පූර්ණ රෝග පරික්ෂාවක් සිදු කරගන්න. විශේෂයෙන් ඔබ අධි රුධිර පීඩනය හෝ දියවැඩියා තත්වයකින් පෙලෙන්නේ නම් විශේෂයෙන්ම වකගඩු සම්බන්දයෙන් සැලකිලිමත් වන්න.

 

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …