නම – රශ්මි මදුෂිකා
වයස – අවුරුදු 22
මම මේ වන විට සතියකට දෙවරක් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබා ගනිමින් සිටිනවා.
මේ රෝගය පිලිබදව අපට දැනගන්නට ලැබෙන්නේ අහම්බෙන්. මාගේ මුත්රාවල පැහැයේ වෙනසක් තිබුන නිසා මාගේ මවට ඇතිවුන සැකයකට අනුව තමයි මුලින්ම අපි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ.නමුත් එම වෛද්යවර්ථා අනුව මට එවැනි වකුගඩු ආශ්රිත රෝගී තත්වයක් පෙන්නුම් කලේ නැහැ. මේ විදියට මුලින්ම වෛද්‍යවරයෙක් ලගට අපි යොමු වුනේ මට වයස අවුරුදු 13දී පමණ. ඉන් පසුව නැවතත් වයස අවුරුදු 16දී පමණත් වෛද්‍යවරයෙකු වෙත මේ සම්බන්දයෙන්ම අප යොමු වනවා.නමුත් ඒ අවස්ථාවේදී මා පරික්ෂා කල වෛද්‍යවරයා මට සදහන්කලේ හැකි ඉක්මනින් රෝහල්ගත වන ලෙසයි. මා පරික්ෂා කල වෛද්‍යවරුන්ටත් මීට වසර කිහිපයකට පෙර කිසිදු රෝගී තතවයක් පෙන්නුම් නොකල මා හට මේ ආකාරයේ රෝගීතත්වයක් වලදීම හා එය ඒ වන විට වර්ධනය වී තිබීම අදහාගත නොහැකි වුනා.
ඉන්පසු මා රෝහල් ගතවී ප්‍රතිකාර හා අවශ්‍යකරන ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා යොමු වුනා. ඉන්පසු වසරක පමණ කාලයක් සායනවලට සහභාගී වෙමින් සිටි මට ඩයලයිසිස් ප්‍රතිකාරය අවශය වන තත්වයට පත්වූ පසු එම ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් ආරම්භ කල අතර මා හට ගැලපෙන වකගඩුවක් සෙවීම ආරම්භ කරන ලෙ මාගේ දෙමව්පියන්ට වෛද්‍යවරුන් විසින් දන්වා සිටියා.
මා හට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිහිප දෙනෙක් කැමැත්ත පල කරත් ඒ කිසිදු කෙනෙකුෙග් වකගඩු මට 50% වඩා ගැලපුනේ නැහැ. මා වයසින් අඩු නිසා අඩු ප්‍රතිශතයකින් ගැලපෙන වකුගඩුවක් මා හට බද්ධ කිරීමට වෛද්‍යවරුන් කැමැතිවුනේ නැහැ. ඒ නිසා දිගින් දිගටම ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන අතරතුර ගැලපෙන වකුගඩුවක් සෙවීම සිදුකලත් මේ වන විටත් එය සාර්ථක වී නැහැ. දිගු කාලයක් තිස්සේ ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීම නිසා ඇති හා වෙනත් හේතූන් නිසා ඇති වන සංකූලතාවයන් නිසා ඇතැම් අවස්ථාවන් වලදී වකුගඩු රෝගී තතවයට අමතරව වෙනත් රෝගී තත්ව වලටත් මා ගොදුරු වන අවස්ථා වැඩියි.
පසුගිය කාලයේදී මාගේ හිමොග්ලොබින් අගය ඉහල නොයාම නිසා ඊට හේතු සෙවීමට විවිධ පරීක්ෂණ රාශියක් සිදුකිරීමට සිදුවූ නිසා වකුගඩු බද්ධ කිරීමක් සදහා සූදානම් වීමට හා ගැලපෙන වකුගඩුවක් සෙවීමේ කටයුතු අපෙන් මගහැරී ගියා. නමුත් නැවතත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටින්නේ නැවතත් මාගේ තත්වය යහපත් අත හැරී අැති නිසා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීමට පුද්ගලයෙකු සොයන ලෙසටයි.
මේ වන විටත් කිහිප දෙනෙක් මා වෙනුවෙන් පරීක්ෂණ සදහා ඉදිරිපත් වූවත් තවමත් ප්‍රමාණවත් මට්ටමින් මට ගැලපෙන වකුගඩුවක් හමු වී නැහැ.
එම හේතුවෙන් මේ වන විට මාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම මගහැරී ඇති අතර සාමන්‍ය පෙලින් ඉහලින්ම සමත් වී මට මට හැකි වූවත් ඉන් පසු වෛද්‍යවරියක් වීමට මාගේ තිබූ සිහිනය සැබෑ කර ගැනීමට ජීව විද්‍යා අංශයෙන් උසස්පෙල සදහා ඉදිරිපත් වීමට මට මේ රෝගී තත්වය නිසා මගහැරී ගියා. මේ වන විට මාගේ මිතුරියන් තමන්ගේ පාසල් අධ්‍යපනය අවසන් කොට විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වුවත් මට ඒ වාසනාව හිමි වූයේ නැහැ. ඒ පිලිබදව මට ඇත්තේ කනගාටුවක් වූවත් ඒ සියල්ල අමතක කර ජීවිතයට මුහුණ දීමට මේ වන විට මා සිත ශක්තිමත් කර අවසන්.
මේ වන විට මාගේ බලාපොරොත්තුව වන්නේ හැකි ඉක්මනින් වකගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමුවී මෙම රෝගයෙන් සුවය ලැබීමයි.