ඩයලයිසිස් ප්‍රතිකාර වලවෙනස හදුනාගනිමු.

ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වකුගඩුවලින් සිදුකරන කාර්ය කෘතිමය යන්ත්‍රයක් මාර්ගයෙන් සිදුකිරීමයි.මේ ආකාරයෙන් වර්ථමානය වන විට වකුගඩු වල කාර්ය යන්ත්‍රයක් හරහා සිදුකරන ආකාර දෙකක් තියෙනවා.

  1. රක්තකාන්දුපෙරණය ( Hemodialysis)
  2. පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis)

රක්තකාන්දු පෙරණය


අපගේ රුධිරයේ ඇති අනවශ්‍ය දියරවර්ග,රසායනිකයන් හා අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවක් මගින් ඉවත්කිරීමේ කාර්යතමයි මෙහිදී සිදුවෙන්නේ. මේ සදහා අපගේ රුධිරය මෙම යන්ත්‍රයට යැවීමට අවශ්‍යයි.ඒ සදහා අපගේ අතේ හෝ පාදයේ ධමනියක් හා ශිරාවක් ඉතාමත් සුළු ශල්‍යකර්මයක් මගින් එක්කිරීමෙන් වඩාත් විශාල රුධිර නහරයක් සදා ගැනීම වෛද්‍යවරුන් විසින් සිදුකරනවා. ඒකට තමයි ෆිස්ටියුලාවක් කියන්නේ.
ෆිස්ටියුලාවක් නිර්මානය කලායින් මාස කිහිපයකට පසු එය ඩයලයිසිස් යන්ත්‍රයට අපගේ රුධිරය යැවීමට ප්‍රමාණවත් වන ලෙස විශාල වන අතර ඒ හරහා වැඩි පීඩනයකන් රුධිරය ගලා යෑමත් සිදුවෙනවා. ෆිස්ටියුලාවට ගසන කැන්‍යුලාමගින් අපගේ රුධිරය යන්ත්‍රයට යැවීම හා යන්ත්‍රය මගින් පිරිසිදු කල රුධීරය නැවතත් අපේ ශරීරයට ගෙන ඒම සිදුවෙනවා.

වෛද්‍යවරුන් විසින් ෆිස්ටියුලාව නිර්මාණය කරන ශල්‍යකර්මය සිදුකලපසු අපගේ රුධිර නාලවල ප්‍රමාණය එය ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් නොවේනම් වෛද්‍යවරුන් කුඩා ප්ලාස්ටික් බටයක් අපගේ ගෙල ප්‍රදේශයෙන් ගමන් ගන්නා ප්‍රධාන ශිරාවකට ඇතුල් කිරීම සිදුකරනවා.එම බටය කැතීටරයත් ලෙසත් හදුන්වන්වා. මේ ආකාරයෙන් ගෙල ප්‍රදේශයට ඇතුලත් කරන බටය තාවකාලික පිලියමක් වන අතර කලින් නිර්මාණය කල ෆිස්ටියුලාව නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත්නම් අනෙක් අතේ නැවතත් එම ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනවා.

සාමාන්‍යයෙන් මෙම ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා පැය 4ක කාලයක් ගතවන අතර සතියකට අවම වශයෙන් දින දෙකක්වත් මෙය සිදුකලයුුතු වනවා. ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය මත එම වාරගණන වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ඇති.

Press-AV-pics

 

පරිතානකාන්දු පෙරණය 


මෙම ක්‍රමයේදී සිදුවන්නේ අප ශරීරයේ එක්රුස් වන අපිරිසිදු රුධිරය ශරීය තුලදීම පිරීසිදු කිරීමක්.පෙර සදහන් කල ක්‍රමයේදී මෙන් රුධිරය ශරීරයෙන් පිටතට ගැනීමක් සිදුවන්නේ නැහැ.

වෛද්‍යවරුන් විසින් ඔබගේ උදර ප්‍රදේශයට ශල්‍යකර්මයක් මගින් කැතීටරයක් ලෙස හදුන්වන කුඩා බටයක් ඇතුල් කරනවා. ඉන්පසු එම බටය හරහා ඔබගේ උදර ප්‍රදේශයට dialysate නම් තරලය ක්‍රමයෙන් අතුළු කිරීම සිදුවෙනවා. උදරකුහරය පුරා ඇති ධමනි හා ශිරාවල ඇති අපිරිසිදු රුධිරයේ අඩංගු අතිරික්ත දියර වර්ග,රසායනික මෙන්ම අපද්‍රව්‍යයත් සෙමන් මෙම තරලය වෙත ඇදී එනවා. නමත් රුධිරය රුධිරනාලවලින් පිටතට පැමිණෙන්නේ නැහැ.
මේ ආකාරයෙන් රුධිරය පිරිසිදු කරන ආකාර දෙක් මේ වන විට භාවිතයේ පවතින්වා.

  • Ambulatory Peritoneal Dialysis (CAPD)
    මෙහිදී යන්ත්‍ර භාවිතවීමක් සිදුවන්නේ නැහැ. dialysate තරලය අඩංගු බෑගයක් ඇති තරලය උදරය කුහරය තුල ඇති කැතීටරය හරහා අපගේ ශරීරයට ඇතුලත් කිරීම මෙහිදී සිදුවෙනවා. මෙය නිවසේදී රෝගියාට තමන් විසින්ම සිදුකරගත හැකි ක්‍රමයක්.
    dialysate තරලය ශරීරයට ඇතුල් වූ පසු රුධිරනාල වල ඇති අපිරිසිදු රුධිරයේ ඇති අපද්‍රව්‍ය මෙම තරලය වෙත හුවමාරු වීම සිදුවෙනවා.පැය කිහිපයකට පසු ශරීරයේ ඇති රුධිරයෙන් අපද්‍රව්‍ය උරාගත් තරලය වෙනම බෑගයක් වෙත රැස් වන අතර ඉන්පසු එම බෑගය ඉවත් කීරීම සිදු කලයුතුයි. සාමාන්‍යයෙන් පැය 4ක පමණ කාලයක් මෙම ක්‍රමයේදී වැයවෙනවා.විශේෂයෙන්ම මෙය සැදුකරන සෑම අවස්ථාවකම අළුත් dialysate බෑගයක් භාවිතාකිරීම අනිවාර්‍යයි.
  • Automated Peritoneal Dialysis (APD)
    මෙහි ක්‍රියාවලිය පෙර සදහන් කල ක්‍රියාවලියම වූවත් මෙහිදී “සයික්ලර්” ලෙස හදුන්වන විශේෂිත යන්ත්‍රයක් භාවිතාකිරීම සිදුවෙනවා. මෙම ක්‍රමයේ ඇති වාසිය වන්නේ  CAPDට වඩා සාපේකෂව වැඩි වාරග ණනක් මෙම පිරිසිදු කිරීම සිදුකල හැකි වීමයි. සාමාන්‍යයෙන් පැය 1 1/2ක පමණ කාලයක් තුල එක වාරයක පිරිසිදු කිරීමක් මේ ක්‍රමයේදී සිදුවෙනවා.

my00282_im04513_mcdc7_peritoneal_dialysisthu_jpg

images

 

KID_hemodialysis_peritoneal

මූලාශ්‍රය – https://www.kidney.org/atoz/content/dialysisinfo

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …