ඩයලයිසිස් ප්‍රතිකාරය ගැන රෝගීන්ට අැති ජනප්‍රිය ප්‍රශ්ණ වලට පිලිතුරු..

ඩයලයිසිස් ප්‍රතිකාරය කියන්නේ මොකක්ද?
චයලයිසිස් ප්‍රතිකාරයෙන් සිදුවන්නේ අපගේ ශරීරයේ ඇති සාමාන්‍ය නිරෝගී වකුගඩු වලින් සිදුවන කාර්‍යයට සමාන කාර්‍යයක්. වකුගඩු රෝගී වූ විට වකුගඩු වලින් සාමාන්‍යයෙන් සිදුවන කාර්‍යය සිදුවෙන්නේ නැති නිසා එම ක්‍රියාවලිය යන්ත්‍රයක් මගින් සිදුකිරීම තමයි ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ.

ඔබට ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද?
වකුගඩුවේ ක්‍රියාකාරිත්වය 85% -. 90% පමණ ප්‍රමාණයකින් නැතිවී ගිය විට ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු වීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන්  GFR අගය 15 අඩු වූ විටත් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමු වීමට කාලය පැමිණ ඇති බව අපට දැනගන්නට පුළුවන්.
කෙසේ හෝ ඔබගේ වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල මේ අවස්ථාවට පැමිණීමට ආසන්න වීමේදී ශරීරයේ ඇති වන විවිධ වෙනස්කම් හා අපහසුතාවයන් නිසා ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා මීට වඩා කලින් යොමු වීමට සිදුවෙන්නත් පුළුවන්.

dilaysis

ඩයලයිසිස් ප්‍රතිකාරයේදී සිදුවන්නේ මොකක්ද?
ශරීරය තුල ගොඩනැගෙන හා අප ගන්නා ආහාර මගින් ශරීරයේ රැස් වන අපද්‍රව්‍ය,ලවණ වර්ග,අතිරික්ත ජලය හා විවිධ රසායනික ද්‍රව්‍යයන් ශරීරයෙන් බැහැර කිරීම තමයි වකුගඩු වල කාර්‍ය වන්නේ.නමුත් වකුගඩු වලට නියමිත ආකාරයෙන් ඒ කාර්‍ය සිදුකිරීමට නොහැකි වූ විට ඒ ක්‍රියාවලිය යන්ත්‍රයක් භාවිතයෙන් සිදු කිරීම මෙහිදී සිදුවෙනවා.

 

ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරීම නිසා වකුගඩු රෝගය සුවවීමක් සිදුවෙනවාද?
නැත.එමගින් සිදුවන්නේ වකුගඩුවකින් සිදුවන කාර්‍යයන් පමණයි.වකුගඩු රෝගී තත්වය සුවවීමක් සිදුවන්නේ නැහැ.

ඩයලයිසිස් සිදුකිරීමේදී අපහසුතාවයක් දැනෙනවාද?
ඩයලයිසිස් යන්ත්‍රයට ඔබගේ යැවීමට ෆිස්ටියුලාවට අවශ්‍යවන කටු ගැසීමේදී යම්කිසි අපහසුතාවයක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ ඇරෙන්නට වෙනත් විශේෂ අපහසුතාවයක් මෙහිදී ඔබට දැනෙන්නේ නැහැ.
සමහර රෝගීන්ට මෙම පැය 4ක කාලය තුලදී රුධිර පීඩනය අඩුවීමක් වෙන්න පුළුවන්,එසේ වුවහොත් කෙන්ඩා පෙරලීම,වමනය,හිසරදය,වැනි රෝග ලක්ෂන ඇති විය හැකි අතර ඒ අස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් මේ තත්වය මගහරවා ගන්න පුළුවන්.

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබා ගැනීමින් කොපමණ කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද?
වකුගඩු බද්ධ කිරීක් සදහා යොමුවීමට අවස්ථාව නැතිවුවහොත් ජීවිත කාලය පුරාම මේ ප්‍රතිකාර ලබා ගනීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් ඩයලයිසිස් ප්‍රතිකාර මගින් ඔබගේ ආයුකාලය වසර 5-10ක් පමණ දිගු වෙන්න පුළුවන්. එය රදා පවතින්නේ ඔබ නිවැරදි ලෙස වෛද්‍ය උපදෙස් පිලිපැදීම හා ඔබට වැලදෙන වෙනත් රෝගී තත්වයන් මතයි. නමුත් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් වසර 20 – 30ක් පමණ ජීවත් වුණ පුද්ගලයන් ඕනෑතරම් උදාහරණ ලෙස දන්වන්න පුළුවන්.

ඩයලයිසිස් රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුළුවන්ද?
ඔව්. එබ එම ප්‍රතිකාරය ලබා ගැනීමය පුරුදු වූ විට ඔබට සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නට පුළුවන්. ඩයලයිසිස් කිරිමේදී ඔබට ශරීරයෙන් අපද්‍රව්‍යයන් ඉවත් කෙරෙන නිසා එමගින් ඔබට ශක්තියක් දැනෙනවා.
ඒ නිසා පවුලේ කටයුතු වලට සහභාගී වීම,රැකියාවට යාම වැනි කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන්.

ඩයලයිසිස් රෝගීන් ආහාර පාලනය කල යුතුද?
ඔව්.වෛද්‍යවරුන් හෝ පෝෂණවේදිනිය විසින් ඔබ ගැලපෙන ආහාර ලයිස්තුවක් ලබා දෙන නිසා ඒ අනුව ආහාර ගැනීම කල යුතුයි. එලෙසම විශේෂයෙන් පානය කරන වතුර ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි.
ඔබ ගන්නා වතුර ප්‍රමාණය වෛද්‍යවරුන් නිර්දෙශකල ප්‍රමාණයට වඩා වැඩියෙන් වතුර පානය කලත් එන්න එන්නම ඔබ දුර්වල වෙන්න පුළුවන්

kidney-dialysis1

 

www.kidney.org හි පළවූ සම්මුඛ සාකච්ඡාවක් ඇසරෙන් සකසන ලද්දකි.

About freddy

Check Also

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ …

One comment

  1. මා නුවර ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වෙමි.මා වකු ගඩු දන්දීම⁣ට ඉතාමත් කැමතියි.b-වර්ගය ⁣වෙ වකුගඩු අවශ්‍ය අයෙක් වෙතොත් මට අමතන්න.0711021280