වකුගඩු බද්ධ කිරීමට නව බලාපොරොත්තුවක්,මිනිස් සෛල යොදාගෙන විද්‍යාගාර තුල වකුගඩු නිර්මාණය කෙරේ..

මිනිස් සෛල යොදාගනිමින් විද්‍යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්‍යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා.

වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් දැනගැනීම බවයි.

kidney organoidsලෙස හදුන්වන මේ ව්‍යූහයක් මිනිස් සෛල මගින් නිර්මාණය කර ඇති නිසාවෙන් වකුගඩු වල ඇතැම් ව්‍යුහයන් නිර්මාණය කිරීමට මෙමගින් හැකි වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඡාන සංස්කරණය සදහා යොදාගන්නා CRISPR නම් උපකරණය යොදාගනිමින් organoids වෙත වකුගඩු වල විකෘති ඇති වීමට බලපාන සෛල හා විකෘතී වූ සෛල ඇතුලත් කිරීම මගින් මේ විකෘතීන් නිසා වකුගඩු රෝග ඇතිවීම ගැන පරීක්ෂණ පැවැත්වීමට හැකිබවත් විද්‍යාඥයින් පවසනවා.

මේ පරීක්ෂණ මගින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය හදුනාගැනීමටත්, වකුගඩු රෝගයන් වලදී සිදුවන ක්‍රියාවලිය හදුනාගැනීමටත්,ඒවා සුව කිරීමට හැකිදැයි සෙවීමටත් මේ පරීක්ෂණ ප්‍රථිඵලයන් මහගු පිටිවහලක් වනු ඇති.

එලෙසම විශේෂයෙන් අනාගතයේදී බද්ධකල හැකි මට්ටමේ වකුගඩු විද්‍යාගාරතුලදී නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වනු ඇති බවත් ඔවුන් මෙහිදී සදහන් කරනවා. ඒ අනුව වකුගඩු බද්ධ කිරීම සදහා ඇති වකුගඩු හිගය නිසා සිදුවන මරණ ප්‍රමාණය බෙහෙවින් අවම කරගැනීමට අනාගතයේදී අපට හැකි වනු ඇති.

kidney-donation-from-older-donors

 

මූලාශ්‍රය – http://www.kidneynews.org

 

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …