වකුගඩු දායකයා ගැලපීමේ නීතිමය පසුබිම දැනගනිමු.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අවයව විකිණීම සපුරා තහනම් කටයුත්තක්. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සදහා දායකයා ගැලපීමේදී එම දායකයා තමන්ගේ වකුගඩුව දානය කරන්නේ මුදල් ලබාගැනීමට නොවන බව සැකහැර දැනගැනීම සදහා ශල්‍ය කර්මයට පෙර රෝගියා හා දායකයා නීතිමය කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. එම කමිටුවෙන් අවසරය හිමිවන්නේ නම් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට අවශ්‍ය නීතිමය අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන්.
රජයේ රෝහල් වලදී හා අර්ධ රාජ්‍යය රොහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මෙම නීතිමට කමිටුව පැවැත්වෙන අතර පෞද්ගලික රෝහල් වල මෙම තත්වය වෙනස් විය හැකියි.

Untitled-1

පහතින් දැක්වෙන්නේ එම නීතිමට කමිටුව වෙත ඉදිරිපත් කිරීමට මූලික අවශ්‍යවන ලියකියවිලියි.

  • රෝගියාගේ හා දායකයාගේ වර්ණ ඡායාරූප හා පෞද්ගලික තොරතුරු ඇතුලත්  නීතීඥයෙකු විසින් සහතික කල විස්තර වාර්තාව.
  • රෝගියාගේ හා දායකයාගේ උප්පැන්න සහතික වල පිටපත්(මෙම පිටපත් සත්‍ය පිටපත් බවට   සහතික කල යුතුය)
  • රෝගියාගේ හා දායකයාගේ ජාතික හැදුනුම්පත් වල ඡායා පිටපත්.(මෙම පිටපත් සත්‍ය පිටපත් බවට සහතික කල යුතුය.)
  • වකුගඩු ප්‍රධානය සදහා දායකයාගේ කැමැත්ත ප්‍රකාශ කල නීතීඥවරයෙකු ඉදිරියේ අත්සන් කල දිවරුම් ප්‍රකාශය.
  • වකුගඩු ප්‍රධානය සදහා දායකයාගේ භාරකරුගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය.
  • දායකයාගේ පදිංචිය සහතික කරන ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී විසින් නිකුත් කරන ලිපිය හා චරිත සහතිකය

මෙම ලියකියවිලි වල අවශ්‍යතාවයන් ඇතැම් අවස්ථාවන් වල වෙනස් විය හැක.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …