ඩෙල්වෙයා විශ්වවිද්‍යාලය විසින් දීර්ඝකාලීන වකුගඩු අකරණය හා ව්‍යායාම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීම සදහා වකුගඩු රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණයකින් ව්‍යායාම සිදුකිරීම මගින් රුධිර නාල වල තත්වය ඉහල යන බවත්,තවදුරටත් ව්‍යායාම සිදුකලහැකි ප්‍රමාණය වැඩිවන බව හා නිරතුරුවම ක්‍රියාශීලී වීම නිසා ජීවන තත්වය ඉහල යන බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව වකුගඩු රෝගයට ගොදුරු වී සිටින පිරිස් විසින් තමන්ගේ රෝගී තත්වයට මුහුණ දීමේ හැකියාව දියුණු කරගැනීමට මෙන්ම ජීවත තත්වය ඉහල දමා ගැනීමට ව්‍යායාම සදහා යොමුවීමට දැඩි කැමැත්තක් දක්වන බවත් එම විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම පවසනවා.ඒ අනුව එම කණ්ඩායම විසින් වකුගඩු රෝගීන් සදහා වන වකුගඩු ප්‍රතිස්ථාපන ව්‍යායාම වැඩසටහනක් ආරම්භකර තිබෙනවා. එම ව්‍යායාමයන් ඩයලයිසිස් නොකරන,ඩයලයිසිස් කරන හා වකුගඩු බද්ධ කල වශයෙන් වෙන්ව ඉදිරිපත් කිරීමද සිදුව සිදුව තිබෙනවා.
හදවත් හා පෙනහළු ආශ්‍රීත රෝගී තත්වයන්හිදී ව්‍යයාම ප්‍රතිකාරවල අංගයක් වශයෙන් සිදුකෙරුණත් වකුගඩු රෝගී තත්වයේදී එය වෙනස් වන බව පවසන මේ පරීක්ෂණ කණඩායම,වකුගඩු රෝගීන් ව්‍යායාම සදහා යොමුවීම මගින් රුධිර පීඩනය පාලනය,දියවැඩියාව පාලනය,මස්පිඩ් හා රුධිර නාල ශක්තිමත් කිරීම හා ලබාගන්නා ඖෂධ මගින් සිදුවන බර වැඩිවීම පාලනය වැනි දේ සිදුවනබව පෙන්වා දෙනවා.
එමනිසා වකුගඩු රෝගී තත්වයට ශක්තිත්ව මුහුණ දීමට මෙන්ම වෙනත් ඕනෑම රෝගී තත්වයකට මුහුණ දීමට අවශ්‍යවන ශක්තිය ව්‍යායාම මගින් අපට ගැබෙන බව පැහැදිලියි. තන්ගේ ජීවිත කාලය නිකරුණේ කෙටි නොකරගෙන දෛනික ව්‍යායම සදහා යොමු වීම පුරුද්දත් කරගනිමු.