වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි.
සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන ඔබට දැනුවත් කරනවා.
- වෛද්‍යවරුන් නියම කල ලෙස නිවැරදිව ඩයලයිසිස් ප්රතිකර්මය ලබා ගැනීමට කටයුතු කිරීම.
- ශල්‍යකර්මයට සූදානම් වූවත් නොවූවත් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන කාලය අතරතුර ශරීරයේ වියළි බර හා දියර වල බර ප්‍රමාණයන් නිවැරදි ලෙස පාලනය කිරීම සිදු කල යුතුයි. එමගින් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදු කරන දින දෙකක කාලය අතරතුර ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වලක්වාගන්න පුළුවන්.එය වැදගත්.
- ඔබ ශල්‍යකර්මයට පෙර ලබාගත් ඇතැම් ඖෂධ වර්ග ශල්‍යකර්මයට පෙර නැවැත්විය යුතුයි.එවැනි ඖෂධ පිලිබදව වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරනු ඇති. එම ඖෂධ නැවැත්වීමට කටයුතු කල යුතුයි.
- ශල්‍යකර්මයෙන් පසු දත් නරක් වීම් වැනි තත්වයන් පැවතිය හොත් ඒ හරහා විශබීජ ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ශල්‍යකර්මයට පෙර තමන්ගේ දත්වල ඇති ප්‍රශ්ණ විසදා ගැනීමට දන්ත වෛද්‍යවරයෙකු හමුවීම වැදගත්.
- මධ්‍යසාර හා දුම්පානය වැනි පුරුදු ඇත්නම් ඒවා නැවැත්වීමට කටයුතු කිරීම.
- ශල්‍යකර්මයෙන් පසු ලබාගන්නා ඖෂධ හේතුවෙන් ඔබගේ සම වඩාත් සංවේදී වනවා. ඒ නිසා ශල්‍යකර්මයට පෙර සිටම ඔබගේ සමේ නිරෝගීකම ගැන සැලකිලිමත් විය යුතුයි.
- ශරීරයේ අධික බර /ස්ථූලතාව ශල්‍යකර්මයෙන් පසු ගැටළු රැසක් ඇති කරන්න පුළුවන්. ශල්‍යකර්මයෙන් පසු ඔබට ලබාදෙන ඖෂධත් පසුකාලීනව ඔබගේ බර වැඩි වෙන්නට හේතුවක් වෙන්න පුළුවන්.ඒ නිසා ව්‍යායාම කිරීම හා ආහාර පාලනය මගින් ශරීරයේ බර පාලනයට යොමු වීම වැදගත්. (
- රුධිර පීඩනය ප්රශස්ත අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීම වැදගත්.
- ශල්‍යකර්මයෙන් පසු තමන්ගේ ශරීරයේ පිළිකා වර්ධනය වීමේ හැකියාව සාපේක්ෂව ඉහල යනවා. ඒ නිසා පිළිකාකරක ලෙස සැලකෙන ආහාර වර්ග වන සොසේජස්,බාබකිවු කල මස් වර්ග,ජාන වෙනස් කරන ලද ආහාර වර්ග,ආහාර කල්තබාගැනීමේ ද්‍රව්‍ය එක් කල ආහාර වර්ග, පොප්කොන් වැනි ආහාර වර්ග,ටින් කල ආහාර වර්ග ආහාරයට ගැනීම නැවැත්වීම වැදගත්.
- ජංගම දුරකථන මගින් නිකුත්වන විකිරණ මගින් පිළිකා තත්වයන් ඇතිවිය හැකි නිසා එවැනි උපකරණ භාවිතය අවම කිරීම වැනි දෛනික ජීවිතයේ වෙනස්කම් වලට ලක්වීම නුවනට හුරුයි.
මෙම උපදෙස් වලට අමතරව ඔබගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම කාලීන තත්වයන් මත වෙනත් උපදෙස් ඔබගේ වෛද්‍යවරුන් විසින් ලබාදෙන්න පුළුවන්. සාර්ථක ශල්‍යකර්මයක් සිදුකරගැනීමට වගේම ශල්‍යකර්මයෙන් බද්ධ කල වකුගඩුවේ සාර්ථක ක්‍රියාකාරීත්වය තහවුරු කරගැනීම සදහා වෛද්‍ය උපදෙස් නිවැරදි ලෙස පිලිපැදීම අනිවාර්යය බව මතකතබා ගත යුතුයි.