වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබට ලබාදෙන ටැක්රොලිමස්,සයිලොස්පෝරින්,ප්‍රෙඩ්නිසලෝන්,වැනි ඖෂධ නිසා අපගන්නා ආහාර වල යම් යම් වෙනස්කම් සිදුකිරීමට සිදුවෙනවා. බද්ධ කිරීමට පෙර පැවැති පොටෑසියම් පාලනය වැනි තත්වයන් මාස තුනක් පමණ යන විට යථා තත්වයට පත්වීම සාමාන්‍යයෙන් සිදුවනනිසා පෙර පැවැති ආහාර පාලනයක් සමග බද්ධ කිරීමෙන් පසු සිදුවන ආහාර පාලනය බොහෝ විට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොටෑසියම් පාලනය පිලිබදව ඔබගේ රුධිර වාර්ථාවන් සලකා බල තීරණය කල යුතුයි.
ඊට අමතරව බද්ධ කිරීමනේ පසුලබාදෙන ඖෂධ හේතුවෙන් දියවැඩියාව,කොලෙස්ටරෝල් ඇතිවීම,අධික කුසගින්නක් ඇති වීම වැනි අතුරු ආබාධයන් ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වනවා.ඒ වාගේම හොද පෝෂනයක් හා සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම,ශරීරයේ බර පාලනය,පාචනය වැනි රෝග තත්වයන්ගේන වැලකී සිටීමටත් වගබලාගත යුතුයි.
- ඔබ අදිනා ඇදුම් හා යට ඇදුම් වල පිරිසිදු භාවය පිලිබදව සැලකිලිමත් වන්න,නිවසින් පිටතට යන අවස්ථාවන් වලදී මුහුණු ආවරණයක් පැලදීමට සැලකිලිමත් වන්න. ඔබ ආහාර ගන්නා පිගාන,හැදි හා කෝප්ප වැනි දේවල් ඔබට වෙනම වෙන්කර තබාගන්න. සහ ඒවායේ පිරිසිදුකමගැනි සැලකිලිමත් වන්න.
- කාලයත් සමග පොටෑසියම්,සෝඩියම් පිලිබදව තිබූ ගැටළු මගහැරී යන නිසා ඉන්පසු දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි තත්වයන් ඇති නොවන ආකාරයේ ආහාර පිලිබදව සැලකිමත් විය යුතුයි. රතු කැකුළු,හීනටි, නාඩු, බාස්මතී වැනි ගුණදායී සහල් පාරිභෝජනය කිරීම, සුදුපාන් හා වෙනත් පාන්පිටි ආහාරවට වඩා ඔබේ සෞඛ්‍යට යහපත්.
- නිවුඩු සහිත ධාන්‍ය බද්ධ කිරීමට පෙර ඔබට අහිතකර වූවත් බද්ධ කිරීමෙන් පසු ඒවා ආශ්‍රිත ආහාරයන් ලබාගැනීමේ ගැටළුවක් නැහැ.හාල්පිටි වලින් සෑදූ ආහාර,තැම්බූ කඩල, කව්පි,මුං ඇට,දුඹුරුපාන්,කුරක්කන් හෝ ආටා පිටි වලින් සැදූ ඉදි ආප්ප/රෝටි/පිට්ටු/තෝසේ වැනි දේවලුත් පිරිසිදු ආකාරයෙන් පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම සුදුසුයි.
- අළුත් එළවළු හා පලතුරු ආහාරයට ගැනීමේදී ඒවා හොදින් සොදාගැනීම කල යුතුයි. එලෙසම එළවළු හැකි පමණ තම්බා ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
- පළාවර්ග ආහාරයට ගැනීමට සුදුසුයි. නමුත් ඒවා ඔබගේ නිවසේම බදුන්වල වගාකල පළාවර්ගනම් වඩාත් හොදයි. වෙලදපොලින් පලාවර්ග තෝරාගන්නේ නම් ඒවා හොදින් පිරිසිදු කල ලුණු සහිත වතුරේ බහා තබා ආහාරයට ගැනීම සුදුසුයි.
- මාළු,කුකුල් මස් හා බිත්තර ආහාරයට එක්කර ගැනීම සුදුසු නමුත්,අධික තෙල් සහිත මස් මර්ග ආහාරයට එක්කර ගැනීමෙන් වැලකී සිටිය යුතුයි. ඒ වගේම එම ආහාර තෝරා ගැනීමේදී ඒවායේ පිරිසිදුකමගැනත් සැලකිලිමත් විය යුතුයි. එසේ නැතිනම් ඔබට පාචනය වැනි රෝගී තත්වයන් වැලදීමේ හැකියාව පවතිනවා.
- ලුණු අඩුවෙන් ලබාගතයුතු වන අතර,සීනි හා පැණිරස ආහාර පාලනය කිරීම,අධික තෙල්, මේද සහිත බටර්,මාගරින් වලින් වැලකී සිටීඹ වාගේම,මධ්‍යසාර වලින් වැලකී සිටීමත් වැදගත්..
- ඒ වාගේම විශේෂයෙන් ෆැන්ටා,කොකාකෝලා වැනි කෘතිම පාන වර්ග සීමා කිරීම,සොසේජස්,මීට් බෝල්ස්,බාබකියු කල මස් වර්ග ආහාරයට ගැනීමෙන් වැලකී සිටීම, මයොනීස්,අධික ලුණු,විනාකිරි හා වෙනත් ඇසිඩ් වර්ග යෙදූ ආහාර සීමා කිරීම,අජිනොමොටෝ,මොනොසෝඩියම් ග්ලූකොමේට්/ඩයිසෝඩියම් ග්ලූකොමේට් වැනි රසකාරක යෙදූ ආහාර සීමා කිරීම,ක්ෂණික නූඩල්ස් වර්ගද එසේම සීමා කිරීමද වැදගත් කාරණයක් ලෙස මතකලබාගත යුතුයි.
බද්ධ කල වකුගඩුවේ යහපත් ක්‍රියාකාරීත්වය සදහා ඖෂධ නිවැරදිව ලබාගැනීමා වගේම ඉහත සදහන් කල කරුනුත් ඉතාමත් වැදගත් වන නිසා ඒ පිලිබදවත් දැඩි අවදානයක් යොමු කල යුතුයි.