තරබාරුකම වකුගඩු අකරණියකට අතවැනීමක් බව හෙලිවේ..

nhs-cover_se

අධික තරබාරු ශරීරයක් ඇති පුද්ගලයන්ගේ වකුගඩු රෝගී තත්වයන් ඇති වීමේ ප්‍රවතාවය පිලිබදව සිදුකල පරීක්ෂණ වලදී තරබාරුකම හා වකුගඩු රෝගය අතර සෘජු සබදතාවයක් ඇති බවට වන ඉගි පහල වි තිබෙනවා.

අධික තරබාරුකම වකුගඩු වල ව්‍යුහමය හා ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කිරීමට හේතු වන බව ඒ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම පවසනවා.  ඒ නිසා තරබාරු පුද්ගලයන් දීර්ඝ කාලීන වකුගඩු රෝගී තත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහල බවයි ඔවුන් පවසන්නේ. එය පසුකාලීනව වකුගඩු අකරණීය තත්වය දක්වාම මේ තත්වය වර්ධනය වෙන්න පුළුවන්.

නමුත් බහු පරිවෘතීය සාධක (multiple metabolic factors) තරබාරුකම හා වකුගඩු රෝගය අතර  සම්බන්දතාවය ඇති කිරීමට සාධකයන් බව පැවසුනත්  ඒ සදහා පාදක වන යාන්ත්‍රණයක් පිලිබදව මේ වනතෙක් නිවැරදි පහදාදීමක් ඉදිරිපත් වී නැහැ.

මේ පිලිබදව පරීක්ෂණ පවත්වන කණ්ඩායම විසින් අයන වර්ග හා ජලය ප්‍රතිශෝෂණයේදී මෙන්ම අනවශ්‍ය දෑ බැහැරකරමින් මුත්‍රා නිපදවීමට වැදගත් වන වකුගඩු වන ඇති සෛල පිලිබදව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විදුර සංවලිත නාලිකා වල ඇති මෙම සෛල මේදය , ලිපිඩ හා ලිපිඩ නිසා ඇති වන විශසහිත තත්වයකට සංවේදීයී. එම නිසා මේ සෛල වල ඇති ප්‍රතිග්‍රාහක මත ලිපිඩ අණුවල ක්‍රියාකාරීත්වය  අධ්‍යනය කිරීම සදහා පරීක්ෂකයන් තමන්ගේ වැඩි අවධානය යොමු කොට තිබෙනවා. ඒ අනුව විදුර සංවලිත නාලිකා වල සෛල හා ලිපිඩ නිසා ඇතිවන විශ සහිත තත්වය අතර සම්බන්දතාවයට එම සෛලවල ප්‍රතිග්‍රාහක වලින් ආරම්භ වන අණුක සංඥා බලපාන බව හෙලිවී තිබෙනවා.

 

 

https://www.news-medical.net ඇසුරිණි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …