ඔබ ඩයලයිසිස් කරනවාද? එහෙනම් මේ ආහාර කන්න එපා.

අපගේ වකුගඩු ක්‍රියාකිරීම අඩාල වූ විට අප ශරීරයේ නිපදවන අපද්‍රව්‍යයන් හා රසායනිකයන් ශරීරයෙන් අවත්වීමත් අඩාලවනබව අපි දන්නවා. ඒ නිසාම වකුගඩු ක්‍රියාකිරීම නැවතුන විට හා ප්‍රමාණවත් පරිදි ක්‍රියා නොකරන අවස්ථාවන් වලදී ඩයලයිසිස් මගින් අපගේ රුධිරය පිරිසිදු කිරීම සිදුවෙනවා.

ඔබ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින රෝගීයෙකුනම් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය බලාගැනීමට බලාපොරොත්තු වන්නේනම් එම කාලය තුලදී ආහාරයට ගතයුතු නොවන ආහාර 5ක් ඔබ වෙත ඉදිරිපත් කිරීම සුදුසුයැයි අපට සිතුණා.

  1. පොස්පරස් අඩංගු ආහාර
    ආහාර මිලදී ගැනීමේදී ආහාරයේ අඩංගු ද්‍රව්‍ය කියවීමෙන් පොස්පරස් අඩංගු ආහාර පිලිබදව දැනගත හැකියි.සාමාන්‍යයෙන් සකසන ලද ආහාරයල පොස්පරස් අඩංගුයි.
  2. කෙසෙල්
    banana_620x350_61478592730

    කෙසෙල් වල විශාල ප්‍රමාණයෙන් පොටෑසියම් අනතර්ගත නිසා කෙසේ ආහාරයට ගැනීම ඩයලයිසිස් රෝගීන්ට සුදුසු වන්නේ නැහැ. නමුත් පරිතානීය කාන්දුපෙරණය සිදුකරන රෝගීන්ටනම් ඇතැම් විට පොටෑසියම් අඩංගු ආහාර  ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
  3. රටකජු / කජු වැනි ඇට වර්ග හා ඒවායෙන් නිපදවන බටර් වර්ග
    Vietnam-Cashew-nut-price-Cashew-Kernels-Cashew

    මෙ ඇට වර්ග වල විශාල ප්‍රමාණයන්ගෙන් පොස්පරස් හා පොටෑසියම් අන්තර්ගතයි.
  4. චොකලට් වර්ග
    static1.squarespace.com
    මේවාද ඉහල වශයෙන් පොස්පරස් හා පොටෑසියම් අඩංගු ආහාර ලෙසටයි සැලකෙන්නේ.
  5. මස් වලින් සැකසූ ආහාර වර්ග
    බේකන්,හැම්,සොසේජස්,වැනි සෝඩියම් අධික ලෙස අඩංගු ආහාරත් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන්නන්ට සුදුසු වන්නේ නැහැ.

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …