අපට මෙම පුවත වාර්ථා වන්නේ එංගලන්තයෙන්. අලී ගෝලියන් නැමැති වෛද්යසිසුවෙකු විසින් ඔහු 2010 වසරේදී වෛද්යවිද්යලයේ ඉගැනුම ලබන අවදියේදී විකිරණශිල්පය පිලිබදව ගුරුවරිය වූ සෝනියා ලියනාර්ඩෝ නැමැත්තියට සිය වකුගඩුව දන්දීමට තිරනය කර තිබුණා. තම ආදරණීය ගුරුවරිය වකුගඩු අකර්මන්‍යවීමේ රෝගී තත්වයෙන් පෙලෙන බව දැනගන්නාවිට ඔහු වසර 5කින් තම ගුරුවරිය දැක තිබුනේත් නැහැ. නමුත් ඇයගේ කාරුණිකත්වය හා ඇයගේ ආදරණීය ගුරුවෘතියට ඔහු දක්වන ගරු කිරීමක් වශයෙන් ඔහු සැනෙකින් තම වකගුඩුව දන්දීමට තීරණය කර තිබුනා.
ඔහු මුහුණුපොත හරහා තමන්ගේ ගුරුවරිය සමග සබදතා පවත්වා තිබුණත් වසර 5කින් පමණ ඇය මුණගැසී තිබුනේ නැහැ. දිනක් ඔහු මුහුණපොතේ සැරිසරමින් සිටින අතරතුර තම ගුරුවරියට යම්කිසි අසනීපයක් ඇති බවට සදහන් වන සදහනක් දකිනවා. ඉන්පසු ඒ ගැන තම ගුරුවරිය සෝනියාගෙන් විමසන අලීට දැනගන්නට ලැබෙන්නේ ඇයගේ වකුගඩු අකර්මන්‍ය වී ඇති බවත් ඒ වන විට ඇය ඩයලයිසිස් ප්‍රතිකාරය ලබමින් සිටින බවත් හා බද්ධ කිරීම සදහා වකුගඩු දානයකරන්නෙකු සොයමින් සිටින බවයි. එය දැනගත් අලී එම අවස්ථාවේදීම ඔහුගේ වකුගඩුව ඇය වෙත දන්දීමට සිය කැමැත්ත පලකර සිටියා. මුලින් සෝනියා ඒ සදහා පස්සගැසුවත් අවශ්‍ය රුධිර පරීක්ෂණ කිරීමේදී දැනගැනීමට ලැබුනේ අලීගේ වකුගඩුව සෝනියාට සම්පූර්ණයෙන් ගැලපෙන බවයි.
තම වකුගඩුව දන්දීමට අලී සිය කැමැත්ත පලකිරීමෙන් මාස 5කට පමණ පසු සෝනියාට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනවා. ඒ ගැන අදහස් දක්වමින් ඇය සදහන් කරන්නේ තමන් වසර 5කින් පමණ නොදුටු පුද්ගලයෙකු තමන්ට වකුගඩුවක් දන්දීමට ඉදිරිපත් වූ විට තමන් පුදුම වූ බවයි. එලෙසම ඇය මුලින් අලී ව කරදරයට පත්කිරීමට අකමැති වූවත් අලී කිසිවිටක තම උත්සාහය අත්නොහැරිය බවත් ඇය විශේෂයෙන් සදහන් කරනවා.
වසර 2ක් පමණ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබමින් වකුගඩු දායකයෙකු සොයමින් සිටි ඇයට ඇයගේම ශිෂ්‍යයෙකු විසින් වකුගඩුවක් දන්දීම ඇයට වචනයෙන් විස්තර කල නොහැකි හැගීමක් බව ඇය පුල පුලා කියා සිටිනවා.