යතුරුපැදි අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ ඇස්,හදවත හා වකුගඩු දන්දෙයි..

z_p04-Licence-02

හදිසි අනතුරකින් මියගිය උෟරාපොල දිණාපමුණුවේ විසූ එක්දරු පියෙකුගේ ඇස්,හදවත හා වකුගඩු දන්දීමේ සිදුවීමක් වාර්තා වනවා. ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ යටවක ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 6 වනදා සිදුවූ යතුරුපැදි අනතුරක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලැබූ විශ්ව චතුරංග (23) නැමැති මෙම පුද්ගලයා වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි.  හිසට සිදුවූ බරපත තුවාල හේතුවෙන් ඔහුව වතුපිටිවල රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී හෙලිවී ඇත්තේ ඔහුගේ මොළයේ කොටසක් ඒ වන විටත් මියගොස් ඇති බවයි. එමනිසා ජාතික රොහලෙන් නැවතත් වතුපිටිවල රෝහල වෙත ඔහුව මාරුකර එවීමට තීරණය වී ඇත.

මේ පිලිබදව ඥාතීන්ට දැනුම්දීමෙන් අනතුරුව විශ්වගේ බිරිද හා පියාගේ ඉල්ලීම පරිදි  විශ්වගේ වකුගඩු දෙක හා හදවත දන්දීමට තීරණය වී ඇත. එලෙසම විශ්ව මියයාමට පෙර තම ඇස් දන්දීමට කැමැත්ත පලකර ඇති බැවින් ඔහුගේ ඇස් දන්දීම පිනිස ශරීරයෙන් ඉවත්කර ගැනීමටද වෛද්‍යවරුන් තීරණය කර ඇත.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …