වව්නියාව තට්ටන්කුලම ගම්මානයේ ගම්වැසියන් විසින් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් චෝදනා කර ඇත්තේ තම ගම්මානයේ වකුගඩු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන නමුත් කිසිදු බලධාරියෙක් ඒ සදහා පියවර ගෙන නොමැති බවයි.
පසුගිය මස සිට මේ මස 11 වනදා පමණ දක්වා කාලයේදී මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් 4දෙනෙකු මිය ගිය බවත් මේ වන විට තවත් දෙදෙනෙකු බරපතල තත්වයේ පසුවන බවත් තවත් ගම්වැසියන් 6 දෙනෙකුට පමණ මේ වන විට රෝගය වැලදී ඇති බවත් එම ගම්වාසීන් පෙන්වා දෙයි. මෙම ගම්මානයේ පවුල් 227ක් පමණ සිටින බවත් ඒ අතරින් 90%ක්පම පමණ සිය ජීවනෝපාය ලෙස කෘෂිකර්මාන්තය යොදාගෙන ඇති බවත් මේ වන තෙක් කිසිදු වගකිවයුතු නිලධාරියෙකු මේ සම්බන්දයෙන් ත අවදානය යොමු කර නැති බවත් එම ගම්වැසියන් චෝදනා කරයි.
හිටපු සෞඛය අමාත්‍යවරයාටත් මේ සම්බන්දයෙන් ලිපි මගින් දැනුම් දුන්නද මේ වන තෙක් කිසිදු විසදුමක් ලැබී නැති බැවින් මේ ගැටළුවට රජයේ හෝ වෙනත් ආයතනයක මැදිහත්වීමෙන් විසදුමක් ලබාදෙන මෙන් එම ගම්වාසීන් මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.
kidneyinfolk To educate people on kidney related issues.
