අනුරාධපුර පූජා භූමියේ පිංකැට ආධාර මගින් වකුගඩු රෝගී පවුල් වල දරුවන් වෙත ආධාර

ජය ශ්‍රී මහ බෝසමිදු,ප්‍රාර්ථනා බෝධිය,රුවන්වැලි මහා සෑය හා ඉසුරුමුණි විහාරස්ථානයේ තැන්පත් කර ඇති පිං කැට වලින් ලැබෙන මුදල් මෙන්ම අනුරාධපුර මහජන,ලංකා,ඉතිරිකිරීමේ හා සංවර්ධන හා සියළු උකස් හා ආයෝංන බැංකු ආයතනයන්හි තබා ඇති පිංකැට වලින් එකතු වන ආධාර මුදලින් ක්‍රියාත්මක අනුරාධපුර වකුගඩු ආරක්ෂන අරමුදල මගින් හදුනාගත් වකුගඩු ආබාධ හේතුවෙන් මේ වන විට රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබන රෝගීන්ගේ පවුල් වල පාසල් යන වයසේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සලසා දීමේ සිසු දිරිය ශිෂ්‍යත්ව අරමුදල මගින් මෙවරත් අරමුදලට අළුතින් බදවා ගත් සිසුන් 64 දෙනෙකුට බැංකු පාස් පොත් ලබාදීම පසුගියදා සිදුවිය. ඒ අතරම සාමාජික්තවය ලබා ඇති සිසුන් 142ට තෙවන වරටත් පාසල් බෑග්,සපත්තු,පාසල් උපකරණ කට්ටල ප්‍රධානයද මෙහිදී සිදුවිය. පාස්ල උඵකරණ ලබාදීම සදහා දෙවන වරටත් මූල්‍යමය දායකත්වය ලබා දී තිබුණේ නුවරඑළිය දේශීය ආදායම් දෙපර්තමේනුතුවේ කොමසාරිස් සුසිල් ප්‍රේමසිරි මහතා ඇතුළු කාර්යමන්ඩලය විසිනි.

මෙම සිසුදිරිය ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ දැනට පෙර පාසලේ සිට 5 වසර දක්වා රු.500ක්,6 සිට සාමාන්‍යපෙළ සදහා රු.1000ක්,උසස් පෙල සිසුවෙකුට රු.1500ක් බැගින් ඉතිරිකිරීමේ ගිණුම් හරහා ශිෂ්‍යාධාර මුදල් ලබාදෙයි. අනුරාධපුර රෝහලෙන් වකුගඩු බද්ධ කරනු ලබන සෑම රෝගියෙකුටම රු.2500ක් මුදලක්ද මෙම අරමුදලෙන් පිරිනැමේ.මෙම ආරක්ෂන අරමුදලේ උප සභාපති විශ්‍රාමික රසායනාගාර නිලධාරියෙකු වන ටී.ටී.ගාමිණී මහතාගේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට ගමින් ගමට ගොස් මුත්‍රා හා රුධිර පරීක්ෂන මගින් වකුගඩු රෝගීන් හදුනාගැනීමේ විශේෂ ජංගම සායනයක්ද ක්‍රියාත්මක වේ. පසුගිය තෙවසර තුල මෙම පරීක්ෂණ මගින් වකුගඩු රෝගීන් 1960ක් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුකර ඇත.

අනුරාධපුර වකුගඩු ආරක්ෂන අරමුදලේ සභාපති ලෙස කටයුතු කරන්නේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ය. ලේඛම් වශයෙන් අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා කටයුතු කරන අතර අනුශාෂකවරුන් වශයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෘක්කවේදි විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය අන්වර් අසාද් හා වෛද්‍ය ප්‍රමිල් රාජක්‍රිෂ්ණ යන වෛද්‍යවරුන් කටයුතු කරනු ලබයි.

වකුගඩු ආරක්ෂණ අරමුදලේ මෙහෙයුම් කමිටුව හා නාහිමිපාණන් වහන්සේලා
වකුගඩු ආරක්ෂණ අරමුදලේ මෙහෙයුම් කමිටුව හා නාහිමිපාණන් වහන්සේලා
අටමස්ථානාධිපති නාහිමිපාණන් අතින් අධ්‍යාපනික උපකරණ ලබාගන්නා සිසුවියක්
අටමස්ථානාධිපති නාහිමිපාණන් අතින් අධ්‍යාපනික උපකරණ ලබාගන්නා සිසුවියක්

 

 

 

ඡායාරූප – නිමල් විජේසිංහ

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …