මැදවච්චියේ විවෘත කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අඩුපාඩු ගැන චෝදනා

dialysis

වකුගඩු රෝගින්ගේ පහසුව උදෙසා නුදුරේදීම විවෘත කිරීමට නියමිත මැදවච්චිය නගරයේ ඉදිකර තිබෙන රුධිර කාන්දුකරණ ඒකකය තුල පළාතේ සෞඛ්‍ය බලධාරින් විසින් සම්පූරණ නොකල අඩුපාඩු රැසක් තවමත් තිබෙන බව වකුගඩු සුරැකිමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අගුනොච්චියේ කුමාර කස්සප හිමිපානන් පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය බළධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවරත් එහි ප්‍රතිකාර කටයුතු වලට බාලගිරි දෝෂය වැලදීමට ඉඩ තිබෙන බවයි.

පෙබරවාරි මස 01 වනදා ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අත්‍යාවශ්‍ය වන විදුලි උත්පාදක යන්ත්‍රයක් (ජෙනරේටරයක්) ලේ බැංකුවක්,අවශ්‍ය පරිදි පුහුණු හෙදියන් ඒකකයටම වෙන්කල තවත් ගිලන් රථයක්, ප්‍රමාණවත් කනිෂ්ඨ කාර්යය මණ්ඩලයක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.

සාමාන්‍යයෙන් රුධිර කාන්දුකරණය සිදුකරන රෝගියෙකු සතියට තුන්වතාවක්වත් රුධිර කාන්දුකරණය (ලේ පිරිසිදු කිරීම) සිදුකල යුුතු නමුත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති  තදබදය හේතුවෙන් එක් රෝගියෙකුට රුධිර කාන්දුකරණය සිදුකල හැක්කේ  සතියට දෙවතාවයි.ඒ තුලින් රෝගීන්ට අපේක්ෂිත ප්‍රතිපලය නොලැබෙන බවත් මෙම ඒකකය විවෘත කිරීඹ මගින් රෝගීන්ගේ අවශ්‍යතාවයන් සපුරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ තදබදය සියයට 75 ක් පමණ අඩු කිරීමට හැකි වනුඇති බවත් උන්වහන්සේ සදහන් කරති.

 

 

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …