preemptive transplant කියන්නේ මොකක්ද?
ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිවූ විට එහි තීව්‍රතාව හෝ තත්වය මත වෛද්‍යවරුන් විසින් වකුගඩු බද්ධ කිරීමක් හා රුධිර කාන්දුකරණය සිදුකල යුතු බවට ඔබට නිර්දේශ කිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ රෝගී තත්වය මුල් කාලයේදීම හදුනාගැනීමේ අවස්ථාව හිමිවූ විට රුධිර කාන්දුකරණයකින් තොරව කාලයත් සමග වකුගඩු බද්ධ කිරීමකට යොමු වන්නට අවස්ථාව හිමි වනවා. එසේ රුධිර කාන්දුකරණයකින් තොරව වකුගඩු බද්ධ කිරීම තමයි preemptive transplant (පූර්වවක්රීය බද්ධ කිරීම) ලෙස හදුන්වන්නේ.
ඒ වාගේම කෙටි කාලයක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබාගැනීමෙන් අනතුරුව වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවන අවස්ථාවන් ද වඩාත් ප්‍රතිඵල දායකයි. වෛද්‍යවරුන්ගේ මතය අනුව මේ ආකාර දෙකෙන් වකුගඩු බද්ධ කිරීමක් සිදුවූ විටදී වකුගඩු බද්ධ කිරිම සිදුවන්නේ රෝගීයාගේ ශරීර සෞඛ්‍ය සාපේක්ෂව හොද තත්වයක් පවතින අවස්ථාවක බැවින් බද්ධ කිරීමෙන් පසු වකුගඩු බද්ධය සාර්ථක වීමේ ප්‍රතිශතය ඉහල යනවා මෙන්ම සාපේක්ෂව වැඩි ආයු අපේක්ෂාවක් බලාපොරොත්තු වීමේ හැකියාව පවතිනවා.
එහි වාසි මොනවාද?
- වකුගඩුව ප්‍රතික්ෂේප වීමේ අවස්ථාව
- ආයු අපේක්ෂාව වැඩිවන අතර ජීවන තත්වයද සාපේක්ෂව ඉහල යනවා.
- රුධිර කාන්දුකරණය සිදුකිරීම මගහැරෙනවා.
- රුධිර කාන්දුකරණය කරනවිටදී ඇති සීමාකාරී ආහාර පාලනයට වඩා යම් කිසි ලිහිල් ආහාර පාලනයක් අනුගමනය කිරීමේ අවස්ථාව හිමි වනවා.
- රුධිර කාන්දුකරණයේදී ඇතිවන විවිධ ආසාදන හා සෞඛ්‍ය ගැටළු වලින් වැලකීමේ හැකියාව හිමි වනවා.
මේ සදහා අවශ්‍යවන වකුගඩුව ලබාගන්නේ කොහොමද?
අප කවුරුත් දන්නා ආකාරයට වකුගඩු බද්ධ කිරීම සදහ ජීවත්ව සිටින පුද්ගලයෙකුගෙන් වාගේම මොල්ය මියගිය පුද්ගලයෙකුෙගන් වකුගඩු ලබාගැනීමට පුළුවන්. නමුත් preemptive transplant අවස්ථාවේදී ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ වකුගඩුවක් ලබාගැනීම සුදුසු වන බවටයි වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ.