කාන්තාවකගේ හෝ පිරිමි පුද්ගලයෙකුගේ හෝ වේවා “සරුබව ” එසේත් නැතිනම් දරුවෙකු ලැබීමේ හැකියාව වකුගඩු බද්ධ කිරීමකින් පසු ඉහළ යන බව සාමාන්‍යයෙන් වෛද්‍යවිද්‍යාවේදී විශ්වාස කරන දෙයක්. නමුත් වකුගඩු බද්ධයකින් පසු ඔබ දරුවෙකු පිලිබදව සිතිනවානම් ඉන් පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා සමග ඒ පිලිබදව සාක්ච්ඡා කල යුතුයි. දරුවෙකු පිලිබද බලාපොරොත්තු වන ඔබ එයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට අනිවාර්යයෙන් විශේෂිත කරුණු පිලිබදව අවදානය යොමු කල යුතුමයි. ඒ ගැන ඉතාත් සැලකිල්ලෙන් ඔබගේ වෛද්‍යවරයා සමග සකච්ඡා කල යුතුයි.
පහතින් දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ව හා ගැබ්ගැනීම සම්බන්දයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු කිහිපයකුයි.
වකුගඩු බද්ධ කල කාන්තාවකට දරුවෙකු පිලසිද ගැනීමේ හැකියාවක් පවතිනවාද?
ඔවු,වකුගඩු බද්ධ කිරීමකින් පසු කාන්තාවකගේ ඔසප් චක්‍රය බොහෝවිට යථා තත්වයට පත්වන අතර ශරීර සෞඛ්‍ය තත්වයත් වඩාත් යහපත් තත්වයට පත්වනවා. එම නිසා වකුගඩු බද්ධයකින් පසු ගැබ් ගැනීම හා දරුවෙකු බිහිකිරීම සිදුකල හැකියි. නමුත් ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් තමයි වකුගඩු බද්ධයෙන් පසු අවම වශයෙන් වසරක් ගතවන තුරු ඔබ ගැබ්ගැනීමෙන් වැලකී සිටිය යුතුයි.ඔබගේ බද්ධ කල වකුගඩුව ඉතා හොදින් ක්‍රියාත්මක වූවත්,ඔබගේ පරීක්ෂණ වාර්ථාවන් වල කිසිදු ගැටළුවක් නැතත්,අවම වශයෙන් වසරක් යන තුරු ගැබ් ගැනීමෙන් වැලකී සිටීමට වගාබලාගත යුතුමයි.
වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබට ලබාදෙන ඇතැම් ඖෂධ ඔබගේ කළලයට බලපෑම් ඇති කල හැකියි.ඒ වාගේම ඇතැම් අවස්ථවන් වල ගැබ්ගැනීම ඔබට මෙන්ම ඔබගේ දරුවාටත් අයහපත් බෑලපෑමක් ඇති කල හැකි බැවින් එවැනි අවස්ථාවන් වල ගැබ් ගැනීම වලක්වාගැනීම වඩාත් හිතකරයි. ඒ වාගේම ඇතැම් අවස්ථාවන් වල ඔබ ගැබ් ගැනීම නිසා බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම සිදුවෙන්නත් යම් ඉඩකඩක් තිබෙනවා. ඉහත සදහන් කර ඇති කරුණු හේතුවෙන් ගැබ්ගැනීමට සූදානම් වීමට පෙර ඔබගේ වෛද්‍යවරයා සමග මේ පිලිබදව සාකච්ඡා කල යුතුමයි. එවිට ඔබගේ දරු ගැබට හානියක් නොවන ඖෂධ වෙත යොමුවීම හා අනෙකුත් පියවරයන් සැලසුම් කිරීම පහසු වනවා. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමකින් පසු වෛද්‍යවරයාගේ අවසරය නොමැතිව ගැබ්ගැනීම වලක්වා ගැනීමට උපත් පාලන ක්‍රම භාවිතයට යොමු විය යුතුයි.
වකුගඩු බද්ධ කිරීමකින් පසු ලබා දෙන ඖෂධ ඔබගේ නූපන් දරුවාට බලපාන්නේ කෙසේද?
වකුගඩුව ප්‍රතික්ෂේප වීම සදහා ලබාදෙන ඖෂධ බොහෝමයක් ඔබටත් ඔබගේ දරුවාටත් හානිකර නැහැ. නමුත් ඇතැම් ඖෂධ එසේ බලපෑම් ඇති කලහැකියි. එවැනි ඖෂධ ඔබ ගැබ්ගැනීමට පෙර අවම වශයෙන් සති 6කට පෙරවත් නැවැත්විය යුතු අතැ ගැබිනි සමයේදී සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. එසේ ඖෂධ නතර කිරීමෙන් පසු ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට ගැබ් ගැනීම සදහා සුදුසු කාලයක් වෛද්‍යවරයා විසින් පවසනු ඇති.
ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා හෝ වකුගඩු බද්ධ කිරීමක් කල පුරුෂයෙකුට පියෙකු වීමේ හැකියාවක් තිබෙනවාද?
ඔව්,ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය තුල සිටියත් වකුගඩු බද්ධ කල පුද්ගලයෙකු වූවත් ඔබට පියෙකු වීමේ හැකියාව පවතිනවා. දරුවෙකු සෑදීමට තීරණය කර වසරක කාලයක් තුල ඔබගේ සහකාරිය ගැබ්ගත්තේ නැතිනම් සරුභාවය පිලිබද සාමාන්‍ය පරීක්ෂණයකට යොමුවීමේ හැකියාව පවතිනවා.
වකුගඩු බද්ධයෙන් පසු ලබාදෙන ඇතැම් ඖෂධ මගින් පුරුෂයෙකුගේ සරුභාවය අඩු කිරීමක් සිදුවිය හැති බැවින් ඔබ පියෙකු වීමට බලාපොරොත්තු වන්නේනම් ඒ පිලිබදවත් ඔබගේ වෛද්‍යවරයා සමග සකච්ඡා කල යුතුයි.
වකුගඩු බද්ධ කල කෙනෙකුට නිර්දේශ කල හැකි උපත් පාලන ක්‍රම මොනවාද?
විශේෂයෙන් ආර්තවහරණය සිදුනොවූ කාන්තාවන් ගැබ්ගැනීම වලක්වාගැනීමට උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට මතක තබා ගත යුතුයි. ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට වඩාත් සුදුසු උපත්පාලන ක්‍රමය ඔබට තෝරාදෙනු ඇති. විශේෂයෙන් අධි රුධිර පීඩනය ඇති කාන්තාවන්ට පවුල් සැලසුම් පෙති නිර්දේශ කරන්නේ නැහැ. එයට හේතුව වන්නේ එම පෙති මගින් රුධිර පීඩනය තවත් ඉහල යාම හා රුධිර කැටි සෑදීමේ හැකියාව ඉහල යාමයි.
උපත්පාලන ඩයප්රගමය,උපත්පාලන ස්පොන්ච් ,කොන්ඩම් හා IUD වැනි ක්‍රම යොදාගත හැකියි.
https://www.kidney.org ඇසුරිණි.