සෑම වසරකම පෙබරවාරී මස 18වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය තර ඇත.මේ පිලිබදව වන තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ මුලිකත්වයෙනි.
ඒ අනුව ප්‍රථමවරට ලබන මස 18 වැනිදා අවයව පරිත්‍යාග කරන්නන්ගේ ජාතික දිනය සැමරීමට විධිවිධාන යොදා ඇතැයි ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත. එදින පෙරවරුවේ දියවන්නා අවන්හල සංකිර්ණය අභියසින් ආරම්භ වන පාගමනක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයෙන් අවසන් වීමට නියමිත අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු ඇතුඵ විශාල පිරිසක් ඊට එක්වෙතැයි බලාපොරොත්තු වෙයි. රෝගී පුද්ගලයෙකු නිරෝගී අයෙකු බවට පත්කිරීම සදහා අවයව පරිත්‍යාග කළ ජනතාව වෙනුවෙන් ඉදිකල ස්මාරකයක්ද එදින ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. ඉදිරියේදී අවයව පරිත්‍යාග කරන්නන්ගේ නම් එහි සදහන් කරන බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු මාධ්‍ය හමුවේදී පැවසුහ.
මොළයට හානී වී මරණයට පත්වන පුද්ගලයෙකුගේ වකුගඩු. අක්මාව. අගන්‍යාසය. පෙනහඵ. හදවත. බඩවැල් සහ සම තවත් පුද්ගලයෙකුට බද්ද කළහැකය. එහෙත් එම පුද්ගලයා මියගොස් පැය 3 ක් ගතවීමට පෙර ඒවා ලබාගත යුතුය. අවයව බද්ධ කිරීම තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී ක්‍රියාකරන බව එම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සදහන් කළහ.
Check Also
කුරුණෑගල රෝහලේ වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …