මියගිය පසු තම අවයව බද්ධ කිරීමට ලියාපදිංචි කිරීම පෙබරවාරි 18 ජයවර්ධනපුර රොහලේදී.

Lead-organ-donation

මේ වසරේ පෙබරවාරි මස 18 වනදාට යෙදී ඇති අවයව පරිත්‍යාග කිරීමේ දිනය වෙනුවන් වන පාගමන එදින පාර්ලිමේන්තුව ඉදිරිපට ඇති රථගාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වී ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගමන් කිරීමට නියමිතය. මේ සදහා අතිගරු ජනාධිපතිතුමන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමන්ද සහභාගී වීමට නියමිත අතර ඊට අමතරව සිංහ සමාජය,රොටරි සමාජය,විශ්වවිද්‍යාල සිසුන්,පුද්ගලික රෝහල් කාර්යමණ්ඩලය,පාසල්,මෝටර් රථ ධාවකයන්ගේ සංගමය ,යතුරුපැදි ධාවකයන්ගේ සංගමය තමන්ගේ සහභාගීත්වය මේ වන විටත් ස්ථීර කර ඇතැයි වාර්ථා වෙයි.

මෙම පාගමන ජයවර්ධනපුර රෝහල වෙත ළගාවීමෙන් අනතුරුව එම අවස්ථව සදහා සහභාගී වන සියළු දෙනාටම තමන් නිරෝගීව සිටින අවස්ථාවක මියගියහොත් ( හදිසි අනතුරු,මොළය මියගිය අවස්ථා) තමන්ගේ අවයව දන්දීම සදහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමි වනු ඇත.

වෛද්‍යවරුන් සදහන් කරන ආකාරයට නිරෝගී පුද්ගලයෙකුගේ ඇස්,හෘදය,වකුගඩු,අක්මාවේ කොටසක්, පෙනහළු, අතුනුබහන්(බඩවැල්),අග්න්‍යාශය වැනි තවත් රෝගී පුද්ගලයෙකුට බද්ධ කල හැකි අතර ඒ අනුව එක් නිරෝගී පුද්ගලයෙකු තමන්ගේ අවයව දන්දීමට කැමැත්ත පළ කිරීම මගින් තමත් රෝගී ජීවිත 8ක් බේරා ගැනීමේ හැකියාව පවතී.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …