අනුරාධපුර වකුගඩු රෝහල ආසන්නයේ ඉදිවෙමින් පවතින “මෙත්සිරි සෙවණ” ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු එළඹෙන ජුලි මස වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රදාන ලේඛම් එච්.එම්.බණ්ඩාර මහතා සදහනා කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් අනුව වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මෙම මෙත්සිරි නිවසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
මෙම ගොඩනැගිල්ල සදහා වැයවෙතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන 310ක් වන අතර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සිය පූර්ණ ශ්‍රම දායකත්වය මේ වන විට ලබාදෙමින් පවතී.
මෙම සිව්මහල් ගොඩනැගිල්ල හරහා අනුරාධපුර රෝහල ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා පැමිණෙන රෝගීන්ට ඇදවල් 80කින් සමන්විත විවේකාගාරයක් සපයන අතර,වකුගඩු බද්ධ කිරීමකින් පසු වෛද්‍යවරුන් නියම කරන ආකාරයේ සෞඛ්යාරක්ෂිත නවාතැනක්,ආහාරපාන හා උපස්ථාන සේවවාවන්ද සැපයීමට මෙම ගොඩනැගිල්ලේ ඉඩ වෙන්වී තිබේ. එලෙසම විශේෂයෙන් උතුරු මැද පාළාත තුල සීඝ්රයෙන් පැතිර යන හදුනානොගත් වකුගඩු රෝගය පිලිබදව පරීක්ෂණ පවත්වන පර්යේෂණාගාරයක්ද මෙම ගොඩනැගිල්ලට අයත් අතර වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධ මෙන්ම ආහාරපානද ඉතාමත් පහසු මිලකටට සැපයීමේ පහසුකම් මෙම ගොඩනැගිල්ලට ඇතුලත්ය.