මෙරට තුල ප්‍රථම වරට පැවැත්වුණ අවයව පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම ඊයේ උදෑසන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස සිදුකෙරිණි.
පාර්ලිමේන්තු පිවිසුම අභියස ආපනශාලා සංකීරණයෙන් ඇරඹි පාගමනින් මෙම සැමරුම් අවස්ථාවේ ආරම්භය සනිටුහන් වූ අතර එම පාගමන ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට ලගාවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ විය.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ කිසිදු ජාති ආගම් භේදයකින් තොරව,ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන්ද ආකාරයෙන් සැලකීමකින් තොරව අවයව දන්දීමේ උතුම් ක්‍රියාව සිදුකිරීමට මනුෂ්‍යවර්ගයා ලෙස සියළු දෙනාම ඉදිරිපත් විය යුතු බවයි.
එලෙසම විශේෂයෙන් මෙම සැමරුම් අවස්ථාවට සහභාගී වූ පිරිසෙන් විශාල පිරිසක් තමන්ගේ අවයව දන්දීම සදහා කැමැත්ත පලකරමින් ඒ සදහා ලියාපදිංචි වීමද දක්නට ලැබිණි.