අවයව දන්දීමෙන් ඔබ වලකන මිත්‍යාවන්ගෙන් බේරෙමු.

තමන්ගේ අවයව වෙනත් පුද්ගලයෙකුට දන්දීමට කැමැත්තක් ඇති වීම කියන්නේ ජීවිතයේ සිදුකර ගතහැකි විශාලම පිනක් කරගැනීමට ඉඩ සැලසීමක්. නමුත් එසේ දන්දීමකට කැමැත්තක් පුද්ගලයෙකුගේ සිතේ ඇති වූවත් එම සිතුවිල්ල ක්‍රියාත්මක කරගැනීමෙන් ඔබව වැලකීමට හේතුවන කාරණා කිහිපයක් ගැන තමයි අපි මෙහිදී අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. මෙහිදී මූලික වශයෙන් කරුණු 5ක් පිලිබදව අපි අවදානය යොමු කරනවා

 

  1.  මම අවයව දන්දුන්නා වුනත් රෝහල් කාර්යමණ්ඩලය මා පිලිබද  අවදානයක් යොමු කරන එක්ක නැහැ.
    ඔබ අවයව දන්දුන් පුද්ගලයෙකු වශයෙන් රෝහල් ගතව සිටින විට අනිවාර්යයෙන්ම රෝහලේ සියළුම කාර්ය මණ්ඩලයේ අවදානය ඔබ වෙත යොමු වනවාමයි. එහිදී ඔබගේ සෞඛ්‍ය තත්වය පිලිබදව සියළුම කාර්ය මණ්ඩලයේ විශේෂ අවදනය යොමු වන අතර එබට ජිවිත අවදානමක් හෝ වෙනයම් හදිසි තත්වයක් ඇතිවීම වැලැක්වීම සදහා සියළුම කටයුතු සිදුකරනු ඇති.
  2. මට එක එක ලෙඩ තියෙන නිසා මගෙ අවයව  ගන්න කවුරුත් කැමති වෙන එකක් නැහැ.
    දියවැඩියාව,හෘද රෝග,පිලිකා,හෙපටයිටිස් වාගේම HIV පැවැති රෝගීන් පවා ඔවුන්ගේ අවයව හෝ පටක දන්දීමෙන් ජීවිත බේරාගෙන තිබෙනවා. එම නිසා ඔබට ඇති විවිධ රෝගී තත්වයන් නිසා ඔබට අවයව දන්දීමේ හැකියාවක් නැත යැයි උපකල්පනය කරන්නට ඉක්මන් නොවන්න. ඔබ අවයව හෝ පටක දන්දීමට කැමති එහෙත් විවිධ රෝග වලින් පෙලෙන පුද්ගලයෙකුනම් ඒ පිලිබදව ඇති සැකය තවදුරටත් නැති කර ගැනීමට ඔබට වෛද්‍යවරුන්ගේ සහල ලබාගැනීමට හැකිවේවි.
  3. අවයව දන්දෙන්න මට වයස වැඩියි.
    කිසිම අවස්ථාවක කිසිදු පුද්ගලයෙකු තමන්ගේ අවයව හෝ පටක දන්දීමට වයසින් වැඩි හෝ වයසින් අඩු ලෙස වර්ග කෙරෙන්නේ නැහැ. යම් පුද්ගලයෙකු තන්ගේ අවයව දන්දීමට කැමැත්ත පලකර ඇත්නම් ඔහු අවයව දන්දීමට සුදුසුද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ නිශ්චිත වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මිස ඔබගේ වයස මත නොවෙයි.
  4. මම අවයව දන්දුන්නත් ඒවා මුලින්ම ලැබෙන්න ප්‍රසිද්ධ බලය තියෙන අයටනේ,සාමාන්‍ය මිනිස්සුන්ට ලැබන්නේ නැහැ.
    ඇතැම් විට ඔබට මෙසේ සිතෙන්නේ වඩාත් ප්‍රසිද්ධ වන්නේ එවන් පුද්ගලයන්ගේ අවයව බද්ධ කිරීම පිලබිදව වන නිසා වෙන්නට ඇති. නමුත් සිදුවන්නේ එය නොවන බව අත්දැකීමෙන්ම ඔබට කියන්න පුළුවන්. අවයව බද්ධ කිරීම සදහා තෝරාගනු ලබන්නේ ම අවයව ගැලපීම මත වඩාත්ම ගැලපෙන පුද්ගලයා විනා ජනප්‍රිය හෝ මුදල් බලය ඇති කිසිවෙකු නොවයි. ඒ කියන්නේ ඔබගේ අවයව හෝ පටක බද්ධ කරනු ලබන්නේ ඒවා ගැලපෙනම පුද්ගලයාටයි.
  5. අවයව දන්දෙන එක මගේ ආගමට පටහැනිද දන්නේ නැහැ.
    මේ වෙනවිට ලොව පුරා ප්‍රචලිත සියළුම ආගම් පාහේ අවයව හෝ පටක දන්දීම සිදුකල හැකි උතුම්ම ක්‍රියාවක් ලෙස පිලිගන්නවා. ඒ නිසා ඒ පිලිබදව බියක් ඇති කරගතයුතු නැහැ. නමුත් ඔබට ඒ පිලිබදව අවිශ්වාසයක් ඇත්නම් ඒ ගැන ඔබගේ ආගමික නායකයන්ගෙන් විමා සැකහැර දැනගත හැකියි

 

මේ වගේ තවත් ප්‍රශ්ණ නිසා අවයව හෝ පටක දන්දීමෙන් වැලකී සිටින්නට ඔබට සිත්වනවා විය හැකියි. නමුත් කිසියම් හෝ අවස්ථාවක ඉහත සදහන් හේතූන් මෙන්ම වෙනත් හේතූන් නිසා හෝ අවයව දන්දීමෙන් ඔබ වැලකී සිටිනවානම් ඒ පිලිබදව සැකහැර දැනගන්නට ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …

2 comments

  1. geethika rajapaksha

    How to register for organ donation?
    please give your reply in sinhala medium

    • අප සමග සම්බන්ද වීම සම්බන්දයෙන් ඔබට ස්තූතියි.
      අක්ෂි දන්දීම සදහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ලියාපදිංචි විය හැකි අතර අනෙකුත් අවයව දන්දීම සදහා ඇතැම් රෝහල් වල ඇති පෝරමයක් පිරවීම මගින් ලියාපදිංචි විය හැක. මා දැනුවත්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එවැනි පෝරමයක් ක්‍රියාත්මත වෙයි.