අවයව දන්දුන් අයට ජීවිත රක්ෂණ ලබාගැනීම අහිමි කරන රක්ෂණ සමාගම් වලට එරෙහිව නීතියක්.

පසුගිය මාර්තු මස 20 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රදේශයේ ආන්ඩුකාරවරයා වන බච් ඔටර් මහතා විසින් ඇමරිකානු ඉතිහාසයේ සංධිස්ථානයක් වන නීතියක් සදහා ඔහුගේ අත්සන යොදනු ලැබුවා. එම නීතියට අනුව දැනට ජීවත්ව සිටින අවයව දන්දී ඇති පුද්ගලයන් තමන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේදී මුහුණපාන අසීරුතාවයන්ට පිලිතුරක් ලැබෙනු ඇති.
සෑම අවයව දායකයෙකුම පාහේ තමන් අවයවයක් දන්දී තිබීම හේතුවෙන් තමන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමට රක්ෂණ සමාගම් ඉඩ නොදීම සම්බන්දයෙන් නිරන්තරයෙන් කනස්සල්ලට පත්වනවා. ඒ අනුවයි එම තත්වය මගහරිමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම වරට අවයව දන්දුන් පුද්ගලයන්ට ජීවිත රක්ෂණයක් ලබාගැනීමේදී ඇති බාධාවන් ඉවත්වන ආකාරයේ නීතියක් ගෙන ඒමට ඉඩාහෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා තීරණය කොට තිබෙන්නේ.

S. 1302 වශයෙන් සදහන් වන මෙම සම්මත නීතිය අනුව ජීවිත රක්ෂණයක් සදහා ඉල්ලුම් කරන යම් පුද්ගලයෙකු ඔහු හෝ ඇය අවයව දායකයෙකුය යන්න පදනම් කරගනිමින් ඔහුන් ඉල්ලුම් කල රක්ෂණය ලබානොදීමට හෝ එම රක්ෂණයේ ප්‍රතිපත්තීන් වල යම වෙනස්ක්ම ඇති කිරීමට හෝ තහනම් වනු ඇති.

 සමාන්‍යයෙන් පුද්ගලයෙකු අවයව දායකයෙකු වශයෙන් අවයවයක් දන්දීමට පෙර ඔහු හෝ ඇය පරීක්ෂණ ගණනාවකට ලක්වීම හේතුවෙන් ඔහුන් අනෙකුත් පුද්ගලයන්ට සාපේක්ෂව යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් එම නිසාම එවැනි පුද්ගලයන්ට ජීවිත රක්ෂණයක් පිරිනැමීම පිලිබදව රක්ෂන සමාගම් වලට කිසිදු සැකයක් තිබිය නොහැකි බවත් මේ සම්බන්දයෙන් අදහස් දක්වන පිරිස් සදහන් කරනවා.
එලෙසම මේ ආකාරයේ නීති රීතීන් අවයව දන්දීම සදහා සාමාන්‍ය ජනතාව උනන්දුකරනවන සුළු බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරනු ලබනවා.
මෙම නීතිය ඉදිරියේදී ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මකවනු දැකීම kidneyinfo.lk  අපගේ අභිප්‍රාය වන අතර එමගින් අවයව බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ සිටිමින්ම ජීවිතයට සමුදෙන ජීවිත ගණනාවක් බේරා ගැනීමට අවයව දන්දෙන්න ඉදිරිපත් වනු ඇති.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …