සීනි නිසා වකුගඩු නරක් වෙයි කියල බයද?

දියවැඩියාව නිසා ඇති වන වකුගඩු රෝගී තත්වය ඇති වන්නේ අධික දියවැඩියා තත්වය හා දියවැඩියාව පාලනය නොකිරීම නිසා වකුගඩු වලට හානි සිදුවීමෙනි. පහත දැක්වෙන්වෙන් දියවැඩියා තත්වය නිසා වකුගඩු රෝගී වීම සම්බන්දයෙන් කල්පනාවෙන් සිටින පුද්ගලයෙකුගේ මනසට නිතරම නැගෙන ප්‍රශ්ණ වලට පිලිතුරු කිහිපයකි.

  1. දියවැඩියාව නිසා වකුගඩු රෝගී වෙන්නේ කොහොමද?
    එය ටිකක් සංකීර්ණ තත්වයක් ඒ වගේම වෛද්‍යවරුන්ගේ මතයට අනුව මේ සදහා සාධක කිහිපයක් බලපාන්න පුළුවන්. මේ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥයින් සදහන් කරන්නේ ඇතැම් විට වකුගඩු වල ගුච්චිකාව තුල රුධිරය ගමන්කිරීමේ වෙනස්කම් හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බවයි.
  2. දියවැඩියා වකුගඩු රෝගයට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ කාටද?
    අධි රුධිර පීඩනය,පාලනය නොකල අධික රුධිර සීනි මට්ටම,සහ පරම්පරාගත සාධක ඇති පුද්ගලයන්ට මෙම තත්වය ඇතිවීමේ වැඩි අවදානක් පවතිනවා.
  3. ඔබට දියවැඩියාව ඇත්නම්,වකුගඩු වලට හානිවී ඇති බව දැනගන්නේ කොහොමද?
    මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති වන්නේ නැහැ. නමුත් වකුගඩු වලට සැලකිය යුතු ප්‍රමාණයක් හානි සිදුවී ඇතිනම්,ඇගට හරිනැති ගතියක් දැනීම,ආහාර අරුචිය,බර වැඩිවීම වැනි දේවල් වෙන්නට පුළුවන්. මේ අවස්ථාවන් වලදීත් මේ සදහා ප්‍රතිකාර සිදුනොකලහොත් හෘදය හා පෙනහළු වලටත් හානි සිදුවෙන්නට පුළුවන්.
  4. වකුගඩු රෝගී වී ඇති බව දැනගත හැකි පරීක්ෂණ මොනවාද?
    මෙහිදී මූලික වශයෙන්ම මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවේදැයි පරික්ෂා කෙරෙනවා. ඊට අමරව රුධිර ක්‍රියටිනින් ප්‍රමාණය හා රුධිර යූරියා නයිට්‍රජන් (blood urea nitrogen) වැනි පරීක්ෂණ මගිනුත් මේ සම්බන්දයෙන් දැනග්නට පුළුවන්. නමුත් එම පරීක්ෂණ වලින් වකුගඩු රෝගී තත්වය හදුනාගැනීමට නම් වකුගඩු වලට සැලකිය යුතු හානියක් සිදුවී තිබිය යුතුයි. නමුත් creatinine clearance, glomerular filtration rate (GFR) සහ urine albuminයන පරීක්ෂන ඊට වඩා සාර්ථක ලෙස රෝගය හදුනාගැනීමට භාවිතා කරන්නට පුළුවන්.
  5. වකුගඩු හානි වීම සදහා සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගතවනවාද?
    පළමු වර්ගයේ දියවැඩියා තත්වය වැලදී ඇති රෝගීන්ට සාමාන්‍යයෙන් වසර දෙකත් පහත් අතර කාලයක් තුල වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ යම් වෙනස්කම් පෙන්නුම් කරන්නට පුළුවන්. ඒවාගේම වකුගඩු වල ක්‍රියාකරීත්වයේ 30% – 40%ක අතර ප්‍රමාණයක වෙනස් කම් සිදුවීමට සාමාන්‍යයෙන් වසර 10 -30ත් අතර පමණ කාලයක් ගත වනවා.දෙවන වර්ගයේ දියවැඩියා තත්වයේදීත් මේ හා සාමාන තත්වයක වකුගඩු ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් දැකගන්නට පුළුවන්.
  6. වකුගඩු රෝගයෙන් ප්‍රවේශම් වන්නට කලයුත්තේ කුමක්ද?
    ඔබගේ වෛද්‍යවරයා විසින් දියවැඩියා තත්වය පාලනය කිරීම සදහා ඔබට ලබාදුන් ඖෂධ හා ආහාර පාලන නිර්දේශයන් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම මගින් නිසි ආකාරව දියවැඩියාව පාලනය කිරීම සිදුකල යුතුයි. එමගින් වකුගඩු ප්‍රවේශම් කරගන්නට ඔබට පුළුවන්.
  7. වකුගඩු දැනටමත් හානිවී ඇත්නම් ඒවා දරුණුතත්වයට පත්වීමෙන් වළක්වාගන්නේ කොහොමද?
    දියවැඩියා රෝගීන්ට අධිරුධිර පීඩන තත්වයද ඇත්නම් අනිවාර්යෙන්ම නොවරදවා එම ඖෂධ ලබාගත යුතුයි. නැතිනම් අනිවාර්යයෙන්ම රුධිර පීඩනයෙන් වකුගඩු තවත් හානිවිය හැකියි. එලෙසම ඇතැම් විට වකුගඩුවලට ඇති වැඩකොටස අඩුකරමින් වකුගඩු ආරක්ෂා කිරීම සදහා වෛද්‍යවරුන් විසින් ප්‍රෝටීන් අඩු ආහාර ගන්නා ලෙස ඔබට දන්වනු ඇති.  ඉහත සියළු දේ මෙන්ම දියවැඩියාවට ලබාගන්නා ඖෂධත් නොවරදවා ලබාගත යුතුයි.
  8. දියාවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගයට සොයාගත් නව ප්‍රතිකාර ක්‍රම මොනවාද?
    මේ වන විට සිදුකර ඇති පරීක්ෂණ වලින් ACE inhibitors ගණයට අයත්වන අධිරුධිර පීඩනය සදහා ලබාදෙන ඖෂධ මගින් වකුගඩු රෝගය වර්ධනය වීම පාලනයක් සිදුවනබව හෙලිවී තිබෙනවා. මෙම ඖෂධ මගින් රුධිර පීඩනය අඩුකරනවා සේම වකුගඩුවේ රුධිරය පෙරන කොටස වන ගුච්ඡිකාව තුල ඇති රුධිරයේ පීඩනය අඩු කරනවා. එලෙසම මුත්‍රා සමග පිටවන ප්‍රෝටීන් ප්‍රමාණය අඩුකිරීම වැනි රුධිර පීඩනය අඩු කිරීමට බලපෑමක් නැති වෙනත් ධනාත්මක බලපෑම්ද මෙම ඖෂධ මගින් ලැබෙන බව හෙලිවී තිබෙනවා.

images

https://www.kidney.org ඇසුරිණි.

About freddy

Check Also

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ …