වකුගඩු බද්ධ කිරීමකින් පසු ඩෙංගු රෝගය වැලදීම රෝගියාට බලපාන්නේ කෙසේද?

වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක ඔහුට හෝ ඇයට ඩෙංගු රෝගය වැලදුන හොත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව වකුගඩු බද්ධ කල පුද්ගලයාට මෙන්ම පවුලේ සාමාජිකයන්ටත් ඇත්තේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක උණ තත්වය ඇතිවූයේනම් වෛද්‍යවරුන් පවසන්නේ රෝහල්ගතවී හැකි ඉක්මණනින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි. තත්වය එසේ තිබියදී ඩෙංගු වැලදුනහොත් සිදුවන්නේ කුමක්ද?
පහත ලිපිය පලවන්නේ එසේ වකුගඩු බද්ධ කිරීමකින් පසුව ඩෙංගු රෝගය වැදුනහොත් සිදුවන අතුරු ආබාධ පිලබිදව සිදුකල සමීක්ෂනයකින් හෙලිවූ කරුණුය.

එම සමීක්ෂණයට අනුව ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ වන අධික උණ, මාංශපේෂී වේදනාව,අස්ථි වේදනාව හා හිසරදය සාමාන්‍ය පුද්ගලයන්ට ඩෙංගු රෝගය වැලදුන අවස්ථාවන්ට සාපේක්ෂව අඩුවන අතර සිරුර තුල තරල එක්රුස්වීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව වැඩි බව මෙම සමීක්ෂණයෙන් හෙලිවී ඇත. එහිදී පෙනහළු හා පර්ශු අතර ඇති අවකාශය වන ප්ලූරා කුහරයේ තරල රැස්වීම සිදුවන අතර උදර කුහරයේ (බඩ ආශ්‍රිත ප්‍රදේශයේ ) පරිතානීය අවකාශයේද තරල එක්රැස් වේ.

එලෙසම විශේෂයෙන් ඩෙංගු රක්තපාත තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් වකුගඩු බද්ධ කල රෝගීන්ට ඇති අතර සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව ඩෙංගු රෝගය හේතුවෙන් මියයාමේ අවදානමද වකුගඩු බද්ධ කිරීමෙන් පසු වැඩිවන බවද මෙම සමීක්ෂණයෙන් හෙලිවී ඇත. නමුත් ඩෙංගු රෝගය නිසා බද්ධ කල වකුගඩුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වීම සිදුවන්නේ සුළු පිරිසකට බවත් සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය පවතින කාලසීමාව තුල පමණක් බද්ධ කල වකුගඩුව ආශ්‍රිතව විවිධ සංකූලතාවයන් ඇතිවිය හැකි බවත් මෙම සමීක්ෂණයෙන් හෙලිවී ඇත. ඊට අමතර මෙම සමීක්ෂකයන් පවසන්නේ වයස,වකුගඩු බද්ධ කිරීමෙන් පසුගතවී ඇති කාලය, හෝ ලබාගන්නා ප්‍රතිශක්තිය හීනකරන ඖෂධ ප්‍රමාණයේ බලපෑමක් ඩෙංගු රෝගයෙන් ඇතිවන සංකූලතාවයන් සදහා බලපෑමක් ඇති නොකරන බවයි.

 

 

www.ncbi.nlm.nih.gov හි පළවූ ලිපියක් ඇසුරිණි

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …