නෞකාවක් තුල රොබෝ හස්තයකින් සිදුකල පළමු ශල්‍යකර්මයට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ සහය

ලෝක ඉතිහාසයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් එක් පිටුවක් පෙරලමින් නෞකාවක් තුල ඇති රෝහලක රෝබෝවරයෙකුගේ උදව්වෙන් සිදුකල ලොව ප්‍රථම ශල්‍යකර්මය පසුගියදා USNS Mercy නෞකාවෙදී සිදුවිය. මෙම සුවිශේෂී ශල්‍යකර්මය සදහා වෛද්‍ය කණ්ඩායම ලෙස සහභාගී වූයේ ඇමරිකානු හා ශ්‍රී ලංකික වෛද්‍යකණ්ඩායමක් වන අතර Da Vinci XI නම් රොබෝවරයාගේ උදව් ඇතිව සිදුවූ මෙම ශල්‍යකර්මයට බදුන්වූයේද ශ්‍රී ලාංකිකයෙකි. එම ශල්‍යකර්මයේදී සිදුවූයේ අදාල පුද්ගලයාගේ පිත්තාශය ඉවත් කිරීමයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඇමරිකානු තානාපති අතුල් කෙශාප් මහතා සදහන් කලේ සහයෝගිතාව,හැකියාවන් හා තාක්ෂණයේ උදව්වෙන් සීමාවන් අතික්‍රමණය කල හැකි ආකාරය කියාපාන සාක්ෂියක් වශයෙන් මෙම ශල්‍යකර්මය සැලකිය හැකි බවයි. එලෙසම ජාත්‍යන්තර වෛද්‍ය ක්ෂ්‍රේතයේ සංධිස්ථනයක් වන මෙම ශල්‍යකර්මය සදහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හා වෘතිකයන් සහභාගී කරගැනීමට ලැබීම තමන් භාග්‍යයක් වශයෙන් සලකන බවත් ඒ මහතා සදහන් කර ඇත.

නෞකාවක් ශල්‍යකර්මයක් සිදුකිරීමේ අත්දැකීම ලද මූතූර් රෝහලේ ශල්‍යවෛද්‍ය වෛරාමුදු වරණිධරන් මහතා සදහන් කර ඇත්තේ මෙම ශල්‍යකර්මය නෞකාවක් තුල සිදුකලත් කිසිදු සෙලවීමක්වත් තමන්ට නොදැනුනු බවයි. රෝහලක් තුල ශල්‍යගාරයක් තුල ශල්‍යකර්මයක් සිදුකරන ආකාරයේ ස්ථාවර තත්වයක් නෞකාව තුල තිබුණ බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …