මුඛ සෞඛ්‍ය එහෙමත් නැතිනම් දන්ත සෞඛ්‍ය කියන්නේ අපි හැම දෙනාටම වැදගත් දෙයක්. දත් වල ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ නිරෝගී පුද්ගලයෙකුටනම් ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් ඔබට වකුගඩු රෝගී තත්වයක් පවතිනවානම් දන්ත රෝග කියන්නෙත් බරපතල රෝගයක් විය හැකියි. අපි මේ ලිපිය හරහා ඒ ගැන කථා කරමු.
දත් වල කුහරයක් ඇතිවීම,එහෙමත් නැතිනම් විදුරුමස් වලින් ලේ ගැලීම වැනි තත්වයන් කියන්නේ දීර්ඝ කාලයක් පවතින බැක්ටීරියා ආසාදනයක් ලෙස අපට සරලව හදුන්වන්න පුළුවන්.ඒවා මගින් වේදනාව,කෑම ගැනීමේ අපහසුතාවය, මුඛයේ දුර්ගන්ධය වැනි ගැටළු වලට අමතරව විවිධ ප්‍රශ්ණ ඇතිකරන ප්රදාහමය තත්වයන් ඇති කරන්නත් පුළුවන්. ඒ වාගේමයි මෙවැනි තත්වයන් ඇති කරන්නට හේතුවන බැක්ටීරියාවන් මුළු සිරුර පුරාම පැතිරෙන්නටත් මෙමගින් අවස්ථාව උදාවෙනවා. එවැනි අවස්ථාවකදී ඔබගේ ප්රතිශක්තීකරණය අඩුනම් ආසාදන තත්වය දරුණු විය හැකියි. එම නිසා විශේෂයෙන් ඔබට වකුගඩු රෝගයක් ඇත්නම් හෝ ඔබ ඩයලයිසිස් කරන්නේ නම් හෝ ඔබ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබගේ මුඛ සෞඛ්‍ය නොසලකා හැරිය නොහැකි බව ඔබ සිහියේ තබාගත යුතුයි.ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිනම් හෝ,ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නේ නම් හෝ ඔබට වකුගඩුවක් බද්ධ කර ඇතිනම් ඔබ ඒ පිලිබදව ඔබගේ දන්ත වෛද්‍යවරයා දැනුවත් කිරීමත් අනිවාර්්‍යයෙන් සිදුකල යුතුයි.
ඔබ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නේ නම් – එසේනම් ඔබට මාළු,මස්, කිරි ආශ්රිත නිශ්පාදන ආහාරයට එකත්කරගැනීම වැදගත් වන නිසා එම ආහාර ගැනීමටනම් ඔබගේ දත් නිරෝගී විය යුතුයි. එලෙසම ඩයලයිසිස් ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවේදී සිදුවිය හැකි රුධිරය කැට ගැසීම් නතර කරගැනීම සදහාඔබට රුධිර ප්‍රතිකැටිකාරක ( ලේ තුනී කරන ඖෂධ) ලබාදෙනවා. ඒ නිසා ඔබගේ දත් හෝ විදුරමස් වලින් ලේ ගැලීමක් සිදුවන්නේ නම් ඩයලයිසිස් කරන අවස්ථාවන් වල ලේ ගැලීම නතර කරගැනීම අපහසු විය හැකියි. ඒ නිසා ඔබ ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවී යම් ප්‍රතිකාරයක් ලබාගන්නේ නම් ඔබ ඩයලයිසිස් නොකරන දිනයක් ඒ සදහා යොදාගැනීමට ඔබ කටයුතු කල යුතුමයි.
ඔබ වකුගඩුවක් බද්ධ කිරීමට සිටීනම් හෝ බද්ධ කර ඇතිනම් – වකුගඩු බද්ධ කිරීමට සිදුකරන පරික්ෂාවන් වල එක් පරික්ෂාවක් තමයි සම්පූර්ණ දන්ත පරික්ෂාවක් සිදුකර ගැනීම.ඔබගේ දත් බරපතල ලෙස නරක්වී ඇත්නම්,දත්වල කුහර ඇතිනම් හෝ එවැනි ගැටළු ඇතිනම් වකුගඩු බද්ධ කිරීම ප්‍රමාද වීම අනිවාර්යයෙන්ම සිදුවනවා. එයට හේතුව වන්නේ වකුගඩු බද්ධ කිරීමකින් පසු වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැලැක්වීමට ලබාදෙන ඖෂධ මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම. එම නිසා බද්ධ කිරීමෙන් පසු විශබීජ ආසාදන ඇතිවිය හැකි සියළුම අවස්ථාවන්ට බද්ධ කිරීමට පෙර ප්‍රතිකාර සිදුකරනවා.
මේ සියළුම හේතූන් නිසා ඔබගේ මුඛ සෞඛ්‍ය පිලිබදව අනිකුත් සෞඛ්‍ය ගැටළු සදහා යොමුකරන ආකාරයේම අවදානයක් යොමුකල යුතුයි. එසේත් නැතිනම් අප නොසිතන ආකාරයේ ගැටළු වලට අපට මුහුණ දීමට සිදුවන බව සිහිතබාගත යුතුයි.