දිවි පැවැත්මේ වැරැදි හේතුවෙන් ජනතාව බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙලා – සෞඛ්‍ය ඇමති

ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව වර්ධනය වුව ද, දිවි පැවැත්මේ ඇතැම් වැරදි හේතුවෙන් බෝනොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ 04 වන සැසිවාරය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කිසියම් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය හා දිවිපැවැත්ම සදහා සමබල ආහාර වේලක් අවශ්‍ය වන බවත් ,රුධිර පීඩනය, දියවැඩියාව ඇතුලු රෝග රැසකට ආහාර හේතු වනබවත්,මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය. එලෙසම  මත්පැන් පානය සහ දුම්පානය ද ඒ සදහා හේතුකාරක වන අතර මේ වන විට මත්පැන් සහ සහ දුම්පානය පාලනය කිරිම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන  බවද ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට දිවයින පුරා පැතිර යන හදුනා නොගත් වකුගඩු රෝගය ද ප්‍රබල සෞඛ්‍ය ගැටළුවක් බවට මේ වන විට පත්ව ඇති බවද එය කෘෂි කර්මාන්තයට සම්බන්ධයක් ඇති බව මේ වන විට හෙලිවී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කලේය.
රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරමින් මාතෘ හා ළදරු පෝෂණ වැඩසටහන් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවද සදහන් කල සෞඛ්‍ය අමාත්‍යවරයා 20 වන ශතවර්ෂය ආරම්භ වන විටත් පෝෂණවේදය වෘත්තීයමය තත්ත්වයකට පත් කිරිමට බටහිර ලෝකයට හැකි වු බවද සදහන් කලේය.
වෛද්‍ය පනතට අනුව පෝෂණවේදීන් ලියාපදිංචි කිරීමට ද කටයුතු යොදා තවත් පෝෂණවේදීන් බදවා ගන්නා අතර,  ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද පියවර ගෙන ඇති බවද මෙහිදී වාර්ථා විය. 
sinhala.news.lk ඇසුරිණි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …