මම මේ වන විට පුද්ගලික ආයතනයක රැකියාව කරන මා හට මේ තත්වය දැනගන්නට ලැබුනේ මීට අවුරුදු තුනකට පමණ පෙරයි. ඒ කාලයේදී කාලයක් විටින් විට මාගේ පිට කොන්ද ප්‍රදේශයේ වේදනාවන් දැනෙන්නට පටන් ගත්තා. ඇතැම් දිනවල කකුලේ විලුඹ ආශ්රිත ප්‍රදේශය ඉදිමීම් ද දක්නට ලැබුණා. නමුත් මම වැඩිය ඒ දේවල් ගනන් ගත්තේ නැහැ. නමුත් දිගින් දිගටම මේ තත්වය ඇති වන නිසා මාගේ බිරිදගේ පෙරැත්තය මත මෙම අප පවුලේ වෛද්‍යවරයා හමුවී මේ තත්වය පැහැදිලි කරා.
එවිට ඔහු විසින් මට වකුගඩු ආශ්රිත ක්‍රියාකාරීත්වය පරික්ෂා කෙරෙන පරීක්ෂණ කිහිපයක් කරගෙන පැමිණෙන ලෙස දන්වා සිටියා. ඒ පරීක්ෂණ වල ප්රථිඵලවලින් හෙලිවූයේ වකුගඩු ආශ්රිත යම්කිසි රෝගී තත්වයක් මා හට වැලදී ඇති බවයි. එය දැනගත් පසු මා වාගේම මාගේ පවුලේ සියළු දෙනාමත් ඉතාමත් බිය වුණා.
පසුව අප වකුගඩු සායනයක් වෙත යොමු වූවා.එහිදී සිදුකල පරීක්ෂන වලින් හෙලිවූයේ මාගේ සිරුර තුලින්ම නිපදවෙන ප්‍රතිදේහ මාගේම ඉන්ද්රීයයන්ටම පහර දෙන රෝගයක් මට ඇති බවයි.එය දැනගත් අවස්ථාවේ මට එය තේරුම්ගැනීමට පවා අපහසු වූ නිසා වෛද්‍යවරුන් මා හට මාගේ සිරුර තුල සිදුවන ක්‍රියාවලිය පහදා දුන්නා. ඒ වන විට මාගේ ක්රියටිනින් අගය 2.5ක් පමණ වූ අතර මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීමද සිදුවුණා.
පසුව වෛද්‍යවරුන් විසින් මාගේ ප්‍රතිශක්තිකරණ අඩු කරන ඖෂධ හා වෙන් අදාල ඖෂධ මා හට ලබාදුන්නා. මේ වන විට මා මාසිකව මාගේ සායන වෙත පැමිණ වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කර ගන්නවා. දැන් මාගේ තත්වය ප්‍රතිකාර මගින් පාලනය වෙලයි තිබෙන්නේ. මේ වන විට ක්රියටිනින් අගයත් සාමාන්‍ය තත්වයට පත්වී තිබෙනවා. නමුත් මේ ආකාරයෙන්ම මා ප්‍රවේශම් විය යුතුයි.
නිසි ආකාරයෙන් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ පානය කරමින් ප්‍රවේශම් වනවානම් මට මෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව මා වැනි රෝගී තත්වයක් ඇති සෑම කෙනාටම සිහිනයක් නොවෙයි.