දඹූල්ලට නව රෝහලක්.

 

ඡායාරූප – sinhala.adaderana.lk

රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භූමියක් දඹුලු නව රෝහල ඉදිකිරීම සදහා ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ. එතුමන් එසේ එකග වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන් හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේ දීය.

මෙම නව රෝහල ඉදි කිරීම සදහා සෞථ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසාවෙනි.මෙම නව රෝහල ඉදිකිරීම සදහා  ප්‍රංශ රජයේ රුපියල් මිලියන 7000 ක අධාරයක්ද ලබාදී ඇත.

About freddy

Check Also

COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් …