මා දැනට වකුගඩු බද්ධ කිරීමක් කර වසර 2යි මාස 6ක් පමණ වනවා. සාමාන්‍ය පරිදි ඖෂධ ලබාගනිමින් සාමාන්‍ය පරිදි සායන වලට සහභාගී වෙමින් අවශ්‍ය පරීක්ෂණ සියල්ල සිදුකරගනිමින් මා කිසිදු අසාමාන්‍ය තත්වයක් නොමැතිව කල් යවමින් සිටියා.
නමුත් දිනක් උදෑසන අවදි වන විට මාගේ ඇගට එතරම් සනීපයක් නැති බව මා හට තේරුම් ගිය නිසා තවත් වේලාවක් නිදා ගැනීමට මා තීරණය කරා. ඉන්පසු අවදිවන විට මා හට උණ සෑදී තිබුණා. සාමාන්‍යයෙන් උණ වැලදුන විගසම හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස අපට අවවාද දී තිබෙන නිසාත් එදින පෝය දිනයක් වූ නිසාත් මා පුද්ගලිකව හදුනන වෛද්‍යවරියක් අමතා මා මේ සිදුවීම විස්තර කලා. ඇය විසින් මා හට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර එහි ප්‍රතිඵල හැකි ඉක්මණින් ඇය වෙත දන්වන ලෙස පැවසුවා. ඉන්පසු හැකි ඉක්මණින් එම වෛද්‍යපරීක්ෂණ කර ඒවායේ ප්‍රථිඵල ලබාගත් පසු මා හිතවත් වෛද්‍යවරිය පැවසූවේ හැකි ඉක්මණින් මාගේ විශේෂඥ වෛද්‍යවරයා හමුවන ලෙසටයි. ඒ අනුව එදිනම රාත්‍රීයේ පුද්ගලික රෝහලකදී මාගේ විශේෂඥ වෛද්‍යවරයා මුණගැසුණ විට ඔහු පැවසුවේ මා හට මුත්‍රා ආසාදනයක් ඇතිවී ඇති බවයි. ඒ වන විට මාගේ රුධිර පීඩනයද දැඩි ලෙස පහත වැටී තිබුණා. ( මා සාමාන්‍යයෙන් රුධිර පීඩනය සදහා ප්‍රතිකාර ලබමින් සිටි නිසා මාගේ වෛද්‍යවරයා පවා එසේ රුධිර පීඩනය අඩුවීම ගැන පුදුම වුණා) මා පරික්ෂා කිරීමෙන් අනතුරුව මාගේ වෛද්‍යවරයා සදහන් කර සිටියේ රුධිරය පීඩනය අඩුවීමත්,මුත්‍රා ආසාදනයත් නිසා වහාම රෝහල් ගතවී ප්‍රතිකාර ආරම්භ කිරීම සිදුකිරීම කලයුතු බවයි.
ඉන්පසු එදින රාත්‍රියේදීම අප රෝහල් ගතවූ අතර මා හට ප්‍රතිජීවක ඖෂධ එන්නත් මගින් ලබාදීම සිදුකරනු ලැබුවා. කෙසේ හෝ දින 2ක් පමණ යනතුරු මාගේ උණ තත්වය පහව ගියේ නැහැ. අනෙකුත් පරීක්ෂණ වල ගැටළුවක් නොතිබුණත් උණ අඩු නොවීම නිසා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට මා හට සිදුවුණා. තුන්වන දිනයේදී උණ අඩුවීමත් සමග මා හට රොහලෙන් පිටවීමට අවස්ථව හිමිවූ අතර තවදුරටත් ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමටත් නැවතත් දින තුනකින් පැවැත්වෙන සායනයට පැමිණීමටත් මට දන්වා සිටියා. එඒ ආකාරයෙන්ම ඖෂධ ලබාගැනීමෙන් අනතුරුව මා සායනයට යන විට මාගේ පරීක්ෂණ වාර්ථාවෙන් රෝහලෙන් පිටවන අවස්ථාවට වඩා යහපත් වී තිබුණා.
කෙසේ හෝ ප්‍රතිජීවක ඖෂධ අවසන්වී තවත් දින 3ක් පමණ ගියපසු දින උදෑසන මට නැවතත් තදබල මුත්‍රා දැවිල්ලක් ඇතිවූණා. එමිග්න දැඩි ලෙස බියට පත්වූ මා හැකි ඉක්මණින් මුත්‍රා සම්පූර්ණ වාර්ථාවක් ලබාගෙන මාගේ වෛද්‍යවරයා හමුවීමට ගියා. ඔහුටත් එම පරීක්ෂණ වාර්ථාවේ සදහන් ආකාරයේ ආසාදනයක් පිලිබදව සිතා ගැනීමට හැකි වූයේ නැහැ. එම වාර්ථාවේ pus cells = + 200 ලෙස සදහන්ව තිබුණා. නමුත් පෙර අවස්ථාවේදී මෙන් රුධිර පීඩනයේ අඩුවක්වත් උණ තත්වයක්වක් මා හට තිබුණේ නැහැ. ඒ නිසා වෛද්‍යවරයා මා හට නැවතත් ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් අතර නැවතත් නිතර නිතර ආසාදන ඇතිවීම වැලැක්වීම සදහාද ඖෂධ ලබාදුන්නා. මම දේ වන විට මම ඖෂධ ලබාගනිමින් සිටින නිසා මාගේ අත්දැකීම මේ ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්නට මා තීරණය කලා.
මුත්‍රා ආසාදන කියන්නේ නිසි පිරිදි කලින් හදුනාගෙන ප්‍රතිකාර නොකලොත් ඝෘජුවම අපගේ වකුගඩුවට හානි කල හැකි තත්වයක්. විශේෂයෙන් මුත්‍රා ආසාදනයත් සමග තද උණ හා වෙව්ලීම ඇතිනම් එයින් බොහෝ විට සදහන් වන්නේ මුත්‍රා ආසාදනය අපගේ වකුගඩු දක්වා පැතිර ඇති බවයි. ඒ නිසාම එවැනි තත්වයන් වඩාත් සැලකිලිමත් ලෙස වෛද්යප්රතිකර ලබාදිය යුතු තත්වයක් වනවා. විශේෂයෙන් ඔබ වකුගඩු බද්ධ කර ඇතිනම් ඒ පිලිබදව වඩාත් සැකිලිමත් විය යුතුමයි. විටින් විට මුත්‍රා ආසාදන වැලදෙන තත්වයක් ඇතිනම් එය කිසිවිටකත් හොද සලකුණක් වන්නේ නැහැ.එම නිසා නිවැරදි වෛද්යප්රතිකාර ලබාගත යුතුමයි.
සාමාන්‍යයෙන් මෙවැනි ආසාදන තත්වයන්ගෙන් ආරක්ෂා වීමට තමන්ගේ පුද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිත් වීම, කපු යට ඇදුම් භාවිතය,හොදින් ජලය පානය කිරීම, මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය පාලනය කර නොසිට මුත්‍රා පිට කිරීම වැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කල හැකියි.
මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට බවත් කාන්තාවන් මතකතබාගතයුතු අතර ඒ නිසාම වැඩි අවදානයක් ඒ සදහා යොමු කල යුතුයි.
මිතිලායා ගමගේ
( කර්තෘ – http://kidneyinfolk.com)