ඊයේ(24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ මෙරට සිදුවන මරණ වලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවයි. එලෙසම තවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් මරණයන් සිදුවන බවත් ඒ මහතා සදහන් කලේය.
වර්තමානයේ දි බෝ නොවන රෝග වළක්වා ගැනීම අභියෝගයක් වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා සදහන් කලේ සෑම පුද්ගලයින් 05දෙනෙකුගෙන් එක්අයෙකු අඩු වයසින් මරණයට පත්වීමේ අවධානමකින් පසුවන බවයි. ඒඅනුව වර්තමානයේ සිටින්නේ තම දෙමාපියන්ට ප්‍රථම මරණයට පත්විය හැකි පරම්පරාවක් යැයි ද ඒ මහතා පෙන්වා දුනි.
එලෙසම මව්කිරි වෙනුවෙන් පිටිකිරි ආදේශකයක් ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ කිරි නිෂ්පාදනය වන්නේ ඒ ඒ සතාට ගැළපෙන ආකාරයෙන් බැවින් මව්කිරිවලට ආදේශකයක් ලෙස පිටිකිරි ලබාදිය නොහැකි බවයි. සෑම සතෙකුටම වෙනස් වර්ධන වේගයක් පවතින බවත් පිටිකිරි නිෂ්පාදනය සඳහා ගවකිරි ලබාගන්නා බැවින් අධික වර්ධන වේගයක් ලැබෙන අතර ම ඒ හරහා අනාගතයේ දී රෝග රැසකට අත වැනීමක් සිදුවන බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා වැඩිදරටත් සදහන් කර සිටියේ ලෝකය පුරා ළමා ප්‍රජාවගෙන් 5%ක පිරිසක් ස්ථූල බවින් පෙළීමට හේතුව මෙවැනි ක්‍රියාවන් බවයි.