චීනයේ ජිඇංශු පළාතේ කාන්තාවකගේ වකුගඩුවකින් වකුගඩු ගල් 3000ක් පමණ ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ඇත.
56 හැවිරිදි මෙම කාන්තාව රෝහල්ගතකර ඇත්තේ ඇගේ කොන්දේ ඇතිවූ වේදනාවක් හා උණ තත්වයක් හේතුවෙනුයි. පසුව ඇය පරික්ෂා කල වෛද්‍යවරුන්ට දැකගතහැකිව ඇත්තේ ඇයගේ දකුණු වකුගඩුව තුල වකුගඩු ගල් වලින් පිරී ඇති බවකුයි.
ඉන්පසු වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව එම ගල් වකුගඩුවෙන් ඉවත්කර ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ එම ගල් ප්‍රමාණය නිවැරදි ලෙස ගණනය කිරීම සදහා පැයකට අධික කාලයක් ගතවී ඇති බවයි. එම ගණනය කිරීම් වලට අනුව ඇයගේ වකුගඩුව තුල ගල් 2980ක් තිබී තිබෙනවා.
කෙසේ වෙතත් එක් රෝගියෙකුගෙන් ඉවත් කර ඇති වැඩිම වකුගඩු ගල් ප්‍රමාණය ලෙස ගිනස් ලෝක වාර්ථාවන් වල සදහන්ව ඇත්තේ ගල් 1,72,155ක් වන අතර එම පුද්ගලයා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.