වකුගඩු වල ඇතිවන සාමාන්‍ය කෝෂ්ඨ තත්වය ගැන දැනගනිමු.

සාමාන්‍ය කෝෂ්ට තත්වයක් ඇති වකුගඩුවක් ඉදිරියෙන් දිස්වන ආකාරය

මෙම සාමාන්‍ය කෝෂ්ඨ තත්වය ඇති පුද්ගලයන්ගේ එක් වකුගඩුක හෝ ඇතැම් විට වකුගඩු දෙකෙහිම යම් තරලයකින් පිරී ගිය කුඩු මඩි/ කෝෂ්ඨ වැනි ව්‍යුහයන් දක්නට ලැබෙනවා. මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව මේ වන තෙක් නිසැකවම සොයාගෙන නොමැති නමුත් පර්යේෂකයන් පවසන්නේ පුද්ගලයන්ගේ වයස වැඩිවීමත් සමග මෙවැනි තත්වයන් ඇතිවීමේ හැකියාව ඉහළ යන බවයි. මෙම තත්වය පොසිස්ටික් තත්වයෙන් වෙනස් වන තත්වයක් වන අතර ඇතැම් අවස්ථාවන් වලදී පුද්ගලයාට කිසිදු හානියක් ඇති නොවන අතර ඇතැම් අවස්ථාවන් වලදී මෙම තත්වය  ගැටළුකාරී විය හැකියි.

බොහෝ අවස්ථාවන් වලදී මෙම සාමාන්‍ය කෝෂ්ඨ තත්වය රෝග ලක්ෂණ නොපෙන්වන අතර ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය වන්නේද නැහැ. නමුත් ඇතැම් අවස්ථාවන් වලදී මෙම කෝෂ්ඨ වර්ධනය වී එම පුද්ගලයාගේ පිටුපස,දෙපස හා උදරකුහරයේ ( බඩ ආශ්‍රිත ප්‍රදේශයේ) වේදානාවන් ඇති කරනවා. එලෙසම අැතැම් අවස්ථාවන් වලදී මෙම කෝෂ්ඨ ආසාදනය වී වේදනාව,උණ වැනි තත්වයන්ද ඇති විය හැකියි. නමුත් මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙලිවී ඇති ආකාරයට මෙවැනි සාමාන්‍ය කෝෂ්ඨ තත්වයන් ඉතාමත් කලාතුරකින් වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකිරීමක් හෝ වකුගඩු වලටහානි කිරීමක් සිදුකල හැකියි.

මෙවැනි තත්වයක් ඇත්දැයි දැනගැනීම සදහා ultrasound scan, computerized tomography (CT) scan,magnetic resonance imaging (MRI) වැනි ස්කෑන් වර්ගයන් යොදා ගන්නා අතර එම කෝෂ්ඨ තත්වයන් මගින් වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හානි සිදුවී ඇත්ද යන්න දැනගැනීම සදහා රුධිර හා මුත්‍රා පරීක්ෂණය සිදුකරනු ලබනවා. සියළුම පරීක්ෂා කිරීමවලින් අනතුරුව එම කෝෂඨයන් ඔබගේ සෞඛ්‍යට හෝ ඔබගේ වකුගඩුවලට හානිදායක නොවන තත්වයක ඇතිබව තීරණය වුවහොත් ඔබගේ වෛද්‍යවරයා විසින් නියමිත කාල පරතරයක් ඇතිව විටින් විට මෙම කෝෂ්ඨ වල තත්වය පරික්ෂා කරගන්නා ලෙස ඔබට දන්වනු ඇත. එම කෝෂ්ඨ මගින් ඔබගේ වකුගඩුවලට හෝ සෞඛ්‍යට බලපෑමක් වන බව හෙලිවුවහොත් ඒවා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම බොහෝවිට සිදුවනවා.

මෙම කෝෂ්ඨ ඔබගේ වකුගඩු වෙත රුධිරය සැපයෙන රුධිර නාල අවහිර කරන්නේ නම් හෝ එමගින් වකුගඩු වල නිපදවෙන මුත්‍රා ඉන්පිටවන  මුත්‍රා වාහිනී අවහිර කරන්නේ නම් එවැනි අවස්ථාවන් වලදී ස්ක්ලෙරො තෙරපි (sclerotherapy) ලෙස හදුන්වන ක්‍රමයක් මගින් ප්‍රතිකාර කිරීම සිදුකරයි. එහිදී දිග කටුවක් ආධාරයෙන් එම කෝෂ්ඨය සිදුරුකරන අතර එහි පිරී ඇති තරලය ඉවත් කර මධ්‍යසාර සහිත වෙනත් ද්‍රාවණයක් එයට ඇතුල් කරනු ලබයි. එලෙසම කෝෂ්ඨ වර්ධනයවී ගැටළුකාරී තත්වයක් ඇතිකර ඇතිනම් ශල්‍යකර්මයක් සිදුකර ඒවා බවත් කිරීමහෝ නැවත ඇති නොවන ලෙස ප්‍රතිකාර සිදුකිරීම සාමාන්‍ය ක්‍රමය වෙයි.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …