අධික තරබාරුව කියන්නේ මේ වන විට මුළු ලෝකයේම ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණයක්. මරණය පවා ඉක්මන් කරන මෙම අධික තරබාරුව විශේෂයෙන්ම දියුණු වූ රටවල් වල විශාල ගැටළුවක් වී අවසන්. විවිධ හේතූන් මත තරබාරු තත්වයන් ඇතිවිය හැකි අතර විවිධ වර්ගයේ ඖෂධ මෙන්ම අතිරේක වශයෙන් ලබාගන්නා ඇතැම් නිෂ්පාදනයන් ලබාගැනීමද කරබාරු බව ඇතිකිරීමට හේතු වෙයි. ශරීරයේ පරිවෘතීය ක්‍රියාවන්ට මෙන්ම ජෛව ක්‍රියාවලීන්ට ඒවා මගින් බලපෑම් ඇතිකිරීම හේතුවෙන් මෙලෙස තරබාරු තත්වයන් හෝ ශරීරයේ බරෙහි වෙනස්කම් ඇති විය හැක.
ප්රදාහමය තත්වයන්,ඇතැම් ආසාත්මිකතාවයන් මෙන්ම අවයව බද්ධ කල විට ඒවා ප්‍රතික්ෂේප වීම වළක්වන ඖෂධයක්ද වශයෙන් ලබාදෙන ප්‍රෙඩ්නිසොලෝන් මගින් ශරීරයේ බර කෙරෙහි ඇති කරන බලපෑම පිළිබදව අවදානය යොමු කිරීමට අපි මෙම ලිපිය මගින් බලාපොරොත්තු වෙමු.
ප්‍රෙඩ්නිසොලෝන් ලබාගන්නා විට ශරීරයේ බර වැඩිවන්නට හේතුවන කරුණු මොනවාද?
ප්‍රෙඩ්නිසොලෝන් කෙටි කාලයක් තුල ලබාගැනීම ශරීරයේ බර වැඩිකිරීමට විශේෂ බලපෑමක් ඇති නොකරන නමුත් දීර්ඝකාලීන ප්‍රෙඩ්නිසොලොන් භාවිතා කිරීම මගින් ශරීරයේ බර කෙරෙහි බලපෑමක් ඇති කරයි.
- ප්‍රෙඩ්නිසොලෝන් වල බලපෑම මත වකුගඩු මගින් වැඩි වශයෙන් සෝඩියම් අයන ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය කිරීම නිසා රුධිරයේ ඇති සෝඩියම් අයන ප්‍රමාණය වැඩිවේ. එවිට රුධිරය තුලට ඇදගන්නා ජල ප්‍රමාණය වැඩිවන අතර එමගින් තරල ප්‍රමාණයන් සිරුර තුල එක්රැස් වීම සිදුවී ශරීරයේ බර වැඩිවෙයි.
- කෑම රුචිය වැඩිවන අතර කැලරි ප්‍රමාණයන් වැඩි ආහාර සදහා වැඩි කැමැත්තක් ඇති වෙයි.
තවද ප්‍රෙඩ්නිසොලෝන් මගින් සෛල මට්ටමින් ග්ලූකෝස් බිදහෙලා පරිභෝජනයට ගැනීම අඩුකරන අතර එමගින් රුධීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමද සිදුවේ. එලෙසම සෛලවල පරිභෝනය සදහා ප්‍රමාණවත් ග්ලූකෝස් ප්‍රමාණයක් නොමැති වූ විට ශරීරය මගින් ප්‍රෝටීන බිදහෙලෙන හොමෝන නිපදවා නිදහස් කරන අතර ඒවා මගින් ප්‍රෝටීන හා මේදය වැනි කාබොහයිඩ්රේටමය නොවන පදාර්ථ මගින් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලියක් සිදුවේ. එමගින්ද රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සිදුවෙයි.
- ග්ලූකෝස් ද සෝඩියම් අයන වලට සමාන ආකාරයෙන් ක්‍රියාකාර ආස්‍රැතිය මගින් රුධිරය තුලට ජලය අවශෝෂනය සිදුකරන අතර එමගින්ද සෝඩියම් අයනහිදී මෙන්ම ශරීරයේ බර වැඩිවීම සිදුවෙයි.
ප්‍රෙඩ්නිසොලොන් නිසා වැඩිවූ බර අඩුකර ගන්නට පුළුවන්ද?
වාසනාවකට මෙන් ප්‍රෙඩ්නිසොලොන් මගින් සිදුවන ශරීර බර වැඩිවීම ලබාගන්නා ප්‍රෙඩ්නිසොලෝන් මාත්‍රාව වෙනස් කිරීම මගින් පාලනය කල හැකිය. ඔබ ප්‍රෙඩ්නිසොලොන් දීර්ඝකාලීනව භාවිතා කරන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම මගින් එහි මාත්‍රාව වෙනස් කරගැනීමට හැකි වේවි. සාමාන්‍යයෙන් දිනකට ලබාගන්නා ප්‍රෙඩ්නිසොලෝන් මාත්‍රාව 10mg වලට වඩා අඩුවන්නේ නම් ඇතිවන අතරු ආබාධායන් අවම කරගත හැකිය.
- ප්‍රෙඩ්නිසොලෝන් ලබාගන්නා විට සෝඩියම් අඩු ආහාර ලබාගැනීම.
- පොටෑසියම් වැඩි එලවලු හා පළතුරු ආහාරයට එක්කරගැනීම.එවැනි ආහාර සාමාන්‍යයෙන් තන්තුමය ආහාර වන බැවින් කුසගින්න පාලනය කිරීමටද උපකාරී වෙයි.
- ආහාර ගැනීමේදී කුඩා ප්‍රමාණයන්ගෙන් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ආහාර ගන්න. ( උදාහරණ වශයෙන් ප්‍රධාන ආහාර වේල් 3 තුල විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම නවතා ආහාර වේල් 5ක් 6ක් පමණ කුඩා අආහාර ප්‍රමාණයන් ආහාරයට ගැනීම)
දීර්ඝකාලීනව ප්‍රෙඩ්නිසොලොන් ලබාගැනීම නිසා ඇතිවන බර වැඩිවීම ආහාර පාලනය මගින් පමණක් පාලනය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ඒ උත්සාහය දරා ඇති බොහෝ දෙනෙක් කියන කරුණක්. එම නිසා ප්‍රෙඩ්නිසොලෝන් භාවිතාකරන පිරිස් තමන්ගේ ශරීරයේ බර වැඩිවීම පාලනය කරගැනීමට නම් අනිවාර්යයෙන් ආහාර පාලනය කිරීමට අමතරව ශාරීරාක ව්‍යයාමද සිදුකල යුතුමයි.
ව්‍යායාම සිදුකිරීමේදී බොහෝ විට ඔබගේ රෝගී තත්වය මත හෝ ප්‍රෙඩ්නිසොලොන් ලබාගැනීම නිසා ඇතිවන අතරු ආබාධ වශයෙන් දැක්විය හැකි හතිය,ශක්තිය අඩුකම වැනි තත්වයන්ට මුහුණ දීමට ඔබට සිදුවේවි. එම නිසා එම තත්වය මගහරවා ගැනීමට aerobic exercise සහ යෝගා වැනි ව්‍යයාම ක්රමයන් යොදාගත හැකියි.
පෙ