පරිසර දූෂණය නිසා වකුගඩු රෝගී වෙන්නට පුළුවන්ද ?

අපි සියළු දෙනාම දන්නා පරිදි වායු දූෂණය හෝ වේවා,පාංශු දූෂණය හෝ වේවා,ජල දූෂණය හෝ වේවා විවිධාකාරයේ සෞඛ්‍ය ගැටළු ඇතිකිරීම කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා.විශේෂයෙන් බරපතල රෝගී තත්වයන් වන පිළිකා,හදවත් රෝග,පෙනහළු රෝගී තත්වයන්, ආයුකාලය කෙටි වීම,වැනි තත්වයන් මෙම පරිසර දූෂණයේ ත්‍යාග ලෙස අපට හදුන්වාදෙන්නට පුළුවන්. නමුත් මේ වන තෙක් පරිසර දූෂණයත් සමග වකුගඩු රෝගී විය හැකි අාකාරය පිළිබදව නිවැරදි තොරතුරු සහිත පර්යේෂණ ඉදිරිපත් වී නැහැ.
ඒ නිසාම පරිසර දූෂණයේ ප්‍රථිඵල වකුගඩු කෙරෙහි බලපාන ආකාරය පිළිබදව අපි සොයා බැලීමට තීරණය කළා.

බැර ලෝහ ( ජල දූෂණය හා පාංශු දූෂණය)

රසදිය,ලෙඩ්,කැඩිමියම් වැනි බර ලෝහ වර්ගයන් විවිධාකාර හේතූන් මත පසට එක්වීමෙන් පසු ඒවා අප ආහාරයට ගන්නා එළවළු.සහල් හා පළතුරු වලට එක්වන අතර අප පරිභෝජනය කරන්නාවූ ජල ප්‍රභවයන්ටද මෙම බැර ලෝහ එක්වීම මගින් ඒවා සෘජුවම අපගේ සිරුරට ඇතුළු වනවා.  මේ වන විට ශ්‍රී ලංකාව තුල පැතිර යන හදුනානොගත් වකුගඩු රෝගය කෙරෙහිද ප්‍රධානතම හේතුව වී ඇති බවට හෙලිවී ඇත්තේ මෙම බැර ලෝහයි.

එම නිසා බැරලෝහ පසට හා ජලයට එක්වන ආකාරයෙන් සිදුකරන පරිසර දූෂණයේ ප්‍රථිඵයන් වශයෙන් වකුගඩුරෝග අපට තෑගි වන්නට පුළුවන්.

කෘමි නාශක (පාංශු දූෂණය හා ජල දූෂණය)

කෘමි නාශක පසට එක්වීම සෘජුවම වකුගඩු රෝග ඇති කිරීම කෙරෙහි බලපෑම් ඇති කරන බවමේ වන විට හෙලිවී තිබෙනවා. විශේෂයෙන් මෙරට උතුරු මැද පළාතේ ව්‍යාප්තව ඇති හේතුව හදුනානොගත් වකුගඩු රෝගයට හේතුවක් ඇත්තේද කෘමිනාශකව නිසා පස දූෂණය වීම බව හෙලිවී ඇති නිසා අනවශ්‍ය හා පාලනය නොකල කෘමිනාශක භාවිතය අපට වකුගඩු රෝගය මේ වන විටත් ත්‍යාගයක් වශයෙන් ලබා දී තිබෙනවා.

වායු දූෂණය

American Society of Nephrology මගින් සිදුකර පර්යේෂණයකින් හෙලිවී ඇති ආකාරයට වායු දූෂණය මගින් වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහල යන අතර වකුගඩු රෝග තත්වයන් ඇති පුද්ගලයන්ගේ රෝගී තත්වය උත්සන්න වී ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකරන මට්ටමට වර්ධනය වීම වේගයෙන් සිදුවනවා.

වායු දූෂණය වකුගඩු කෙරෙහි බලපෑම් ඇති කරන ආකාරය පැහැදිලි කිරීම සදහා අදහස් දක්වමින් එම පර්යේෂකයන් සදහන් කරන්නේ වායු වල ඇති දුෂිත අංශු ආශ්වාස කිරීමේදී අපගේ පෙනහළු වලට එක්වී ඒවා පෙනහළු හරහා සිදුවන ශ්වසන ක්‍රියාවලියේදී රුධිරයට එක්වීම සිදුවන අතර එම රුධිරය වකුගඩු හරහා පෙරීමට ලක්වීම සිදුවන නිසාවෙන් අදාල දූෂිත අංශු වකුගඩු කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරමින් වකුගඩු රෝගී වන බවයි.

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …