වකුගඩුවලට හානි වීම කිවූ විටම අපට මතක් වන්නේ රුධිර පීඩනය,දියවැඩියාව,ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම වගේ කාගේත් කථාබහට ලක්වන දේවල් විතරයි. ඒත් ඒ දේවල් වලට අමතරව වකුගඩුවලට හානිකර තවත් දේවල් කිහිපයක් ගැන කථා කරන්නට අද අපි තීරණය කලා.
රුධිර පීඩනය,දියවැඩියාව වගේ දේවල් වලින් පරිස්සම් වුණත් මේ දේවල මගහැරුණොත් වකුවලට හානි සිදුවන එක් වළක්වන්නටත් බැරිවේවි.
- ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ (NSAIDs) -සෑම වසරකම අළුතෙන් වකුගඩු රෝගය සදහා ගොදුරුවන පුද්ගලයන් සැලකීමේදී ඔවුන්ගෙන් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් එම තත්වයන්ට ගොදුරු වන්නේ දීර්ඝකාලීනව NSAIDs වර්ගයේ වේදනානාශක භාවිතා කිරීම මගින් බව හෙලිවී තිබෙනවා. මෙම ඖෂධ මගින් වකුගඩු වල පටක වලට හා ව්‍යුහයට හානි සිදුකරන අතර වකුගඩු වෙත ලැබෙන රුධිර ප්‍රමාණය වෙනස් කිරීම කෙරෙහිද මෙම ඖෂධ බලපෑමක් ඇති කරනවා.
- සිගරට් පානය – දුම්පානය කරන පුද්ගලයන්ට මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීමේ වැඩි අවදානමක් පවනවා. එලෙසම වකුගඩු හානිවීමේ අවදානමද වැඩියි.
- angiograms සහ CT ස්කෑන් අවස්ථාවන් වලදී යොදා ගන්නා ඩයි වර්ගයන් – ඇතැම් අවස්ථාවන් වලදී මෙවැනි ඩයි වර්ග වකුගඩු වලට හානිකර හැකියි. මෙවැනි තත්වයන් හදුන්වන්නේ “contrast induced nephropathy (CIN).” ලෙසටයි. නමුත් මෙවැනි තත්වයන්ට අනවශ්‍ය බියක් ඇති කර ගත යුතුනැහැ.
- අධික ලුණු භාවිතය – අධික ලෙස ලුණු භාවිතා කිරීම මගින් රුධිර පීඩනය වැඩිවන අතර අධි රුධිර පීඩනය වකුගඩුවලට හානි සිදුකිරීමට ඇති ප්‍රධානතම සාධකයක් වනවා.
- කෝලා සංයුතියෙන් යුතු බීම වර්ග අධික ලෙස භාවිතය – පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට දිනකට කෝලා පානයන් දෙකක් පමණ භාවිතා කරන්නන් දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයන්ට ලක්වීමේ වැඩි අවදානකමක් තිබෙනවා.