මේ පුවත අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්.
බ්‍රසීලයේ ධන කුවේරයක් වන Thane Chiquinho Scarpa කියන තැනැත්තා එක් දිනක් මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුන ප්‍රකාශයක් මාධ්‍ය හරහා සිදුකරනවා.ඒ ප්‍රකාශයේ දැක්වෙන්නේ ඔහු මියගිය පසු ප්‍රයෝජනයට ගැනීම සදහා ඔහුගේ ඩොලර් මිලියන ගණනක් වටිනා මෝටර් රථය මිහිදන් කිරීමට ඔහු තීරණය කල බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පස්සේ සතර දෙසින් ඔහුට විවේචන එල්ල වන්නට පටන් ගන්නවා. මෝඩ වැඩ නොකර එම වාහනයේ මුදල් දුප්පතුන් අතර බෙදා දෙල ලෙස ඇතැමුන් ඔහුට යොජනා කරනවා. නමුත් ඔහුගේ තීරණය වෙනස් කිරීමට ඔහු සූදානම් වන්නේ නැහැ.
තමන්ගේ රථය මිහිදන් කිරීමට නියමිත දිනයේදී ඕ සදහා සියළු කටයුතු සූදානම් කර තම රථය වලට දැමීමට සුළු මොහොතකය පෙර කවුරුත් නොසිතූ ප්‍රකාශයක් ඔහු විසින් සිදුකරනවා.
“මම මගේ වාහනය වලදමන බව කියූ විට බොහෝ පිරිස් මා හට දැඩි ලෙස බැන වැදුනා. නමුත් ඔවුන් දන්නේ නැහැ මාගේ වාහනයට වඩා මිලෙන් අධික දේවල් ඔවුන් වසර ගණනක් තිස්සේ පොලෙවට පස් වන්නට හරින බව. ඔවුන් හදවත්,අක්මාව,ඇස්,පෙනහළු,වකුගඩු වල දමනවා. ඔව් වසර ගණනාවක් පුරා ඔවුන් මේ කටයුත්ත සිදුකරනවා. ජීවත් වන්නට අවයවයක් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනා මරණයත් සමග සටන් කරන බව ඔවුන්ට අමතක වෙලා. ඔබගේ නිරෝගී අවයව මිහිදන් කිරීමෙන් ඔබ ජීවිත බොහෝ ප්‍රමාණයක් බේරා ගැනීමට ඇති අවස්ථාවත් මිහිදන් කරනවා ”
ඔහුගේ රථය මිහිදන් කිරීමට වාර්ථා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ සිට මේ අවස්ථාව පිලිබදව අවධානයෙන් සිටි කිසි කෙනෙකුට සිදුවූයේ කුමක්ද යන්න පිලිබදව තේරුම්ගත හැකි වුයේ නැහැ.
අවසානයේදී හෙලිවූයේ මේ සියළුම රගපෑම් ඔහු කර තිබුනේ අවයව දන්දීම පිලබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බවයි.