Cyclosporine කියන්නේ ප්රතිශක්තිකරණය හීන කරන ඖෂධයක්. මෙය මුඛ මාර්ගයෙන් මෙන්ම නික්ෂේපණ(injection) ලෙසත් අප ශරීරයට ඇතුල් කල හැකියි. රුමැටික් ආතරයිටිස්,Crohn’s disease, Nephrotic Syndrome වැනි රෝගී තත්වයන්ට මෙන්ම අවයව බද්ධ කල විට එම අවයව ප්රතතික්ෂේප වීම වැළැක්වීම සදහාද මෙම ඖෂධ ලබාදෙනවා.Cyclosporine තම ක්රියාකාරීත්වය සිදුකරන්නේ ලිම්පොසයිට් ලෙස හදුන්වන සෛල වල ක්රියාකාරීත්වය හීන කිරීමෙනි.
මෙම ඖෂධය නිසා ඇතිවය හැකි ප්රධාන අතුරු ආබාධ ලෙස ඇත්තේ රුධිර පීඩනය,හිසේ කැක්කුම,කෙස් වැවීම වර්ධනය වීම,සහ වමනය වැනි තත්වයන්ය.එලෙසම වඩාත් දරුණු අතුරු ආබාධ ලෙස විශබීජ ආසාදන ඇතිවීමට ඇති හැකියාව වැඩිවීම,අක්මාව ආශ්රිත රෝග ඇතිවීමේ අවදානම වැඩිවීම,සහ ලිම්පොසයිට වල ඇතිවන පිළිකා තත්වයන් ( Lymphoma) ඇති විය හැකිය.
එම නිසා මෙම ඖෂධ ලබාගැනීමේදී මේවායේ ඇති අතුරු ආබාධ අවම කරගැනීම සදහා එම ඖෂධ වර්ගය රුධිරයේ අඩංගු වී ඇති ප්රමාණය පිළිබදව පරීක්ෂණ සිදුකර එම ප්රථිඵල මත ඖෂධ මාත්රාව හැඩගැස්වීම සිදුකරයි. මෙවැනි ඖෂධ නියමිත ප්රමාණයට වඩා ශරීරයේ පැවතීම හා නොපැවතීම යන අවස්ථාවන් දෙකම රෝගය කෙරෙහි අහිතකරලෙස බලපෑම් ඇති කරයි.