අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ 40ක හිගයක් ?

රටතුල පවතින දේශපාලන අස්ථාවරතත්වය මත මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 10ක්ද ඇතුළුව ඖෂධ 40ක පමණ හියගයක් රටපුරා රෝහල් වල පවතින බව රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මේ අතරට පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කරන ඖෂධද ඇතුලත් බවයි.

එලෙසම මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වෙත නිකුත් කරන ලද ණය අයදුම්පත්ද  ප්‍රතික්ෂේප වී ඇති බව සේනාරත්න මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් රට තුලපවතින අරාජික තත්වය දිගටම පැවතුනහොත් ඉදිරියේදී ජාත්‍යන්තරය විසින් මෙරටට සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටින බවද වාර්ථා වන අතර එසේ වුවහොත් අනිවාර්යයෙන්ම දරුණු ඖෂධ හිගයකට මුහුණදීමට මෙරට සියළු දෙනාටම සිදුවන බවනම් පැහැදිලිවම කිවහැක.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …