CellCept ගැන දැනගනිමු.

CellCept හි අඩංගු වන්නේ mycophenolate mofetil නම් ඖෂධයයි. මෙම ඖෂධය cyclosporine හා prednisolone වැනි ස්ටෙරොයිඩමය ඖෂධ සමග බද්ධ කල අවයව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා දෙනු ලබනවා. මෙම ඖෂධය ලබාගන්නා පුද්ගලයන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව මෙම ඖෂධය භාවිතයට ගැනීම,මාත්‍රාව වෙනස් කිරීම හෝ නැවැත්වීම සිදු නොකලයුතුයි.

250mg හා 500mg වශයෙන් ඇති මෙම ඖෂධය සාමාන්‍යයෙන් මුඛ මාර්ගය හරහා කැප්සූල් ලෙස ලබාදෙයි.

මෙම ඖෂධය භාවිතා කිරීමට නොහැකි අවස්ථාවන්

  •  mycophenolate mofetil සදහා සංවේදී හා ආසාත්මකතාවයන් දක්වන පුද්ගලයන්ට මෙම ඖෂධය ලබානොදිය යුතුයි.
  • දරුවන් ලැබිය හැකිවයසේ සිටින හා උපත් පාලන ක්‍රම භාවිතා නොකරන කාන්තාවන්ට මෙම ඖෂධය ලබාදී සුදුසු වන්නේ නැත.
  • ගර්භණී කාන්තාවන්ට මෙම ඖෂධය ලබාදීම සුදුසු නොවේ.
  • එලෙසම මව්කිරි දෙන මව්වරුන්ටද මෙම ඖෂධය සුදුසු නොවේ.

අතුරු ආබාධ – වමනය, හිසේ කැක්කුම,මලබද්දය,ගැස්ට්‍රයිටීස්,නින්ද යෑමේ ගැටළු, වැනි තත්වයන් ඇතිවිය හැක.

 

 

 

 

 

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …