මීට වසරකට පමණ පෙර තමයි මට වකුගඩු රෝගය ගැන දැනගන්නට ලැබුනේ. මගේ වයස අවුරුදු 17ක්.මම ගොඩක් විනෝදයෙන් නිදහසෙන් තමයි මගේ ජීවිතය ගතකලේ. ඒත් 2015 වසරේ අගෝස්තු මාසයේ එක් දවසක් මට දැනුනා මගේ ඇග දුර්වල වෙලා කියලා,මගේ ඔළුව නිදහස් නෑ කියලා ඒ මං වැඩිය ගණන් ගත්තේ නැහැ. මං හිතුවා ඒ මං වැඩිපුර මහන්සි වෙලා නිසා වෙන්න ඇති කියලා.නමුත් පහුවදාත් වෙනසක් තිබුනේ නැහැ.පහුවදා වෙනකොට තත්වය තවත් ටිකක් දරුණු වෙලා තිබුනා. එදා මට වමනය පටන් ගත් අතර මගේ ඇස් පෙනීම අඩුවෙලා කියලත් මට තේරුණා. නමුත් මං මේ රෝග ලක්ෂණ මොකක්වත් ලොකුවට සැලකුවේ නැහැ.
එතන තමයි මං වරද්ද ගත්ත තැන කියල මට තේරුනේ පස්සේ. මම දිගින් දිගටම ඒ ලක්ෂණ ගණන් ගත්තේ නැහැ. පාසල් නිවාඩුවත් ලැබුණ නිසා මම මගේ ආච්චිලාගේ ගෙදරත් ගියා. නමුත් මගේ සෞඛ්‍යය ගැන අපේ අම්මට සැක හිතිලා එයා මාව වෛද්‍යවරයෙකු වෙත පෙන්නුවත් ඒ වෛද්‍යවරයාට මාගේ රෝගී තත්වය නිසිලෙස නිර්නය කරගන්නට හැකි වූයේ නැහැ. මම එන්න එන්නම සුදුමැලි වුණා.
දවස් දෙකකට විතර පස්සේ මගේ ආච්චිගේ ඇදුරුම් කමක් මාර්ගයෙන් මාව වකුගඩු සම්බන්ද වෛද්‍යවරුයකු වෙත පෙන්නුවා. ඔහු හරියටම මට ඇති රෝගී තත්වය හදුනාගත් අතර මට ප්‍රතිකාර පටන් ගත්තා. සතියකට විතර පස්සේ මගේ තත්වය පාලනය කරගන්නට හා සෞඛ්‍යය ස්ථාවර කරගන්නට වෛද්‍යවරුන්ට හැකි වුණා.
දිගින් දිගටම රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගැනීමත් සමග යම් දුරටත් මට සහනයක් ලැබුණා. මට සතියක් විතර ඇතුලත ඩයලයිසිස් කරන්න වෙයි කියල වෛද්‍යවරු කිවුව නිසා මාගේ බෙල්ල හරහා ඩයලයිසිස් කිරීම සදහා අවශ්‍ය මාර්ගය සකසා ගැනීමේ කුඩා ශල්‍යකර්මය සිදුකරා. එමගින් කිහිපවරක් ඩයලයිසිස් කරන විට වෛද්‍යවරුවන් කිව්වේ මේ මාර්ගය හරහා දිගින් දිගටම ඩයලයිසිස් කරන්නට අපහසු නිසා AV fistula හෝ පරිතාන කාන්දුපෙරණය සදහා අවශ්‍ය සැපයුම සකස් කල යුතුයි කියලයි. නමුත් මම AV fistula එකට වඩා කැමති වුනේ පරිතාන කාන්දුකරණය සදහා යොමු වෙන්න. මම හිතුවා ඒක නිවසදීම කරගන්න පුළුවන් නිසා පාසල් ගමනට ලොකු බාධාවක් වන එකක් නැහැ කියලා.
දැන් මම ඩයලයිසිස් ප්‍රතිකාරය තරමින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා.
මට මේක කියවන හැම දෙනාටම කියන්න තියෙන්නේ කිසිම අවස්ථාවක රෝග ලක්ෂන මගහරින්න එපා. විශේෂයෙන්ඒවා දිගින් දිගටම එනවානම් අනිවාර්යනේ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු වෙන්න.
(එංගලන්තයේ වෙසෙන කුඩා දැරියකගේ අත්දැකීමකි)