බද්ධ කල ගර්භාශයකින් සිදුවූ ලොව පළමු දරු උපත බ්‍රසීලයෙන්  

මියගිය කාන්තාවකගේ ගර්භෂයක් බද්ධ කල බ්‍රසීල කාන්තාවක් සිය පළමු දරුවාට උපත ලබාදීමේ සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා විය.මින් පෙර අවස්ථාවන් 10කදී ඇමරිකා එක්සත් ජනපදය,චෙක් ජනරජය හා තුර්කිය වැනි රටවල්වල  මියගිය කාන්තාවන්ගෙන් ලබාගත් ගර්භාෂයන් බද්ධ කිරීම් සිදුවූවත් ඉන් දරු උපත් වාර්ථා වූයේ නැත. (ගර්භාෂය බද්ධ කල කාන්තාවට Mayer-Rokitansky-Küster-Hauser syndrome නම් රෝතී තත්වය හේතුවෙන් උපතේ සිටම ගර්බභෂයක් තිබී නොමැත. )

සිසේරියන් සැත්කමක් මගින් සිදුවූ මෙම දරු උපතේදී මෙලොව එළිය දුටු කුඩා දියණියගේ උපත් බර සටහන්ව තිබුනේ 2.55kg ලෙසටය.

ජීවත්ව සිටින කාන්තාවක් විසින් දානය කල ගර්භායෂයක් මගින් සිදුවූ ප්‍රථම දරු උපත වාර්ථා වී ඇත්තේ 2003 වසරේදී ස්වීඩනයේදීය.

වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ වන විට දරුවන් ප්‍රසූත කල හැකි වයස් සීමාවල් වල සිටින යුවල් වලින් 10% -15% ත් අතර ප්‍රමාණයක් මදසරුභාවයෙන් යුත් අතර ඉන් සෑම කාන්තාවන් 500කින් එක් අයෙකුම ගර්භාෂය ආශ්‍රිත දුබලතාවයන්ගෙන් පෙලෙන බවයි. මේ ආකාරයෙන් ගර්භාෂයන් බද්ධ කිරීම මගින් දරු උපත් සිදුකිරීම යථාර්තයක් වන්නට මත්තෙන් එවැනි යුවල් සදහා තිබූ විකල්පයන් වූයේ දරුවෙකු අරන් හදාගැනීම හෝ වෙනත් ස්ත්‍රීයකගේ ගර්භෂයේ ශුක්‍රණු තැන්පත් කිරීම මගින් දරු උපතක් සිදුකිරීම වැනි අවස්ථාවන් පමණි.

 

About freddy

Check Also

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ …